කේ.පී. ගැන හොයන්න ජාත්‍යන්තර මෙහෙයුමක්

KP-e1350469948474-300x231

 

කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියා රටන් පල ගොස් ඇති බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා  පැවසීමත් සමගම ජාත්‍යාන්තර මට්ටමේ මෙහෙයුමක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

ගුවන් තොටුපළ ප්‍රභූ දොරටුව භාවිතා කරමින් කේ.පී රටින් බැහැර වූ බවයි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසන්නේ.

රාජිව් ගාන්ධි මිනීමැරුම සම්බන්ධයෙන් ඉන්දියාවට කේ.පී අවශ්‍යව සිටි අතර ඔහුව අත් අඩංගුවට ගනා බව මැතිවරණ ප්‍රචාරණ සමයේදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

ඉන්දීය මාධ්‍ය වාර්තා වලට අනුව  කේ.පී අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සවය විසින් මීට ටික කලකට පෙර ඉන්ටර්පොල් හෙවත් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලීමක් කොට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපලන නිරීක්ෂකයෙක් කියා සිටියේ කේ පී ගේ අතුරුදහන් වීම නිසා රාජපක්ෂවරුන්ට සහනයක් ලැබෙන බවයි.

කේ.පී සහ රාජපක්ෂ ආණ්ඩුව ගනුදෙනු කල ආකාරය පිළිබඳව අපැහැදිලි තැන් රැසක් ඇති බවයි විපක්ෂය කියා සිටින්නේ.

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.