කේ.පී.රහස් කන්ද විදාරණය වෙයි

parantha_2275004f

 

කොටි සංවිධානයේ ජාත්‍යන්තර  ආයුධ සැපයීම් ජාලයේ ප්‍රධානියා  වූ  කුමරන් පද්මනාදන් හට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන  බව ජනතා විමුක්ති පෙරමුණ කියන අතරවාරේ  මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල තුලදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් බලයට පත්වූ පසු කේ.පී අත්අඩංගුවට ගන්නා බවයි.

කේ.පී. කටුනායක  ගුවන් තොටුපොළ හරහා පැනගත් බව රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියත් ඔහු කිලිනොච්චියේ සිට කැනඩාවේ සිටින මාධ්‍යවේදී දී. බී එස් ජෙයරාජ් අමතා තමන් රටින් පන ගොස් නැතැයි ප්‍රකාශ කල බවට මාධ්‍ය වාර්තා පලවී තිබේ.

 

කේ.පී සම්බන්ධයෙන් විපක්ෂයේ තර්කය වන්නේ  සාපේක්ෂව කොටි සංවිධනයේ බෙහෙවින්ම පහල මට්ටමක සිටි සාමාජිකයින් සිර දඬුවම් විදිමින් සිටින විට ඔහුට පමණක් රැකවරණ ලැබෙන්නේ කෙස්ද යන්නයි. පෙර ආණ්ඩුවේ තර්කය වුනේ කොටි සංවිධානය පරාරජය කිරීමේදී හා  පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළදී ඔහුගෙන් සිදු වූ මෙහෙවර හේතුවෙන් ඔහු ආරක්ෂා කල යුතු බවයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තා කරන පරිදි පසුගියදා  කථානායක නිල නිවසේදී  මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා පැවැති හමුවේදී. කේ.පී ට සපයා දී තිබෙන ආරක්ෂාව දිගටම ඔහුට සැපයිය යුතු බව හිටපු ජනධිපතිවරයා  විසින් පෙන්වා දී ඇත.මහින්ද රාජපක්ෂ මහතා ගේ තර්කය වූයේ කොටි සංවිධානයට විදේශයන්හි සිට ඉතා නවීන අවි සපයා දීමට ඔහුට හැකිවීමත්,අන්තර්ජාතික තලයේ ඔහුට තිබුණු සබදතාත් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කර ඇතත් ඔහු  අනතුරේ සිටින බවයි.

 

KP-e1350469948474-300x231

විවාදාත්මක චරිතයක්

 

 

මේ ආකාරයට කේ. පී. යළිත් විවාදාත්මක චරිතයක් බවට පත් වෙද්දී ඔහු ගැන තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

ශ‍්‍රී ලංකාවේ ඉල්ලීම මත මැලේසියා ආරක්ෂක අංශ එරටදී ඔහුව  අත්අඩංගුවට ගත්තේ අබිරහස් ආකාරයකටයි. ඔහු අසුවුනාද එසේත් නැතිනම් ආණ්ඩුව සමග ඇතිකරගත් එකඟතවක්ට් අන්ව අත්අඩංගුවට පත් වුනාද යන්න ප්‍රශ්නයකි.

.රජීව් ගාන්ධි ඝාතනයට හවුල්වීයැයි අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්හි රතු ලැයිස්තුවට පවා ඇතුළත්ව සිටින කේ.පී හට  ආරක්ෂක රැුකවල් මැද වන්නි ප‍්‍රදේශයේ සංචාරය කිරීමට ඉඩදීම ඉන්දීය ආණ්ඩුවේ නොසතුටට  හේතු විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුදැනුම මත කි‍්‍රයාත්මකවූ රාජ්‍ය නොවන සංවිධානයක් කිලිනොච්චියේ  පාලනය කිරීම ඔහු වෙත් පැවරිනි.

.කේපී හා ගනුදෙනු කළ බුද්ධි අංශ නිළධාරීන්ට වුවමනා වූයේ ඔහු ගේ  මාර්ගයෙන් නව දේශපාලන මතවාදයක් ගොඩනංවා දැනට රටේ තිබෙන දෙමළ පක්ෂ අඩපණ කිරීම බව දේශපාලන විචාරකයින් කියා සිටිති.

.මේ සදහා ඔවුහු විදේශයන්හි කි‍්‍රයාත්මක ඩයස්පෝරා සහය ලබන වෙබ් අඩවි රාශියක් හා කේපී සමග සම්මුඛ සාකච්ඡුා වට රැුසක්  සංවිධානය කළහ.අන්තර්ජාතික තලයේ ප‍්‍රචාරණ කටයුතු වලට ලක්ෂ ගණන් මුදල්ද වියදම් කළහ.කේපී යනු උතුරේ නැගී එන දෙමළ නායකයෙකු ලෙස හුවා දැක්වීමටද බුද්ධි අංශ උත්සාහ කළ අතර මේ සදහා කේපී හා සම්මුඛ සාකච්ඡුාවන් පවත්වා ඒවා රූපවාහිනී නාළිකා  ඔස්සේ රට පුරා විකාශනය කිරීමටත් කටයුතු කෙරිණ.කෙසේ නමුත් වසර ගණනක් සමාජයෙන් වසන් වී ජීවත්වුනු පුද්ගලයෙකුවූ කේපීට නැවත වරක් මිනිස් ඇසුර වැළදගැනීම දුෂ්කර විය.උතුරේ ජනතාවද ඔහුට ළංවීමට මැළිවිය. ඔහුට සහයෝගය පළ කළහොත් තමන්ට එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධතා ඇතැයි ආරක්ෂක අංශ වරදවා වටහාගනිතැයි ඔවුන් බියවිය.මේ නිසා බුද්ධි  අංශ නිලධාරීන්ගේ උත්සාහය අසර්ථක විය.

 

images (66)

බුද්ධි වාර්තාවක්

මෙතෙක් කල් එලි නොදුටු බුද්ධි වාර්තාවක් දැන්මාධ්‍යවෙදීන් අතට පත් වී තිබේ.

යුද්ධයේ අවසානය සමයේදී බුද්ධි අංශ සකස් කළ  මේවාර්තාවට අනුව  කේපීට අනවර්ථ නාමයන් පමණක් 24 ක් පමණ තිබී ඇත. ගමන් බපපත‍්‍ර  දහයක් ඔහු සතු විය.ශී‍්‍රලංකා ගමන් බලපත‍්‍රයක්,ඉන්දියා ගමන් බලපත‍්‍ර 6 ක්,ස්විටර්සර්ලන්ත,මලයාසියා හා ඊජිප්තු බලපත‍්‍රද කේ.පී සතු විය.

ඔහුගේ තායිලන්ත ජාතික බිරිද නාතවදී සුද්සනෝහ් කේපී  අත්අඩංගුවට පත්වූ පසු ඔහුව බැලීමට ශී‍්‍රලංකාවට  කිහිපවරක්ම  පැමිණ ඇත.ආණ්ඩුව  ඇයට කේපී දැකීමේ අවස්ථාව සළසා දී තිබෙන අතර විශේෂ ආරක්ෂාවක් ඇතිව ඇයව වන්නියට ගෙනයෑමට කාරුණික වී ඇත.

කේ.පී පරිහරණය කල මුදල් ප්‍රමාණය දැවැන්තය. ඔහු ආනන්දරාජා නම් පුද්ගය සමග  සිංගප්පූරුවේ සිටි බෑන්ක් හි බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය අතර එම ගිණුමේ සිට වරක් ඩොලර් ලක්ෂ තුන හමාරකට ආසන්න මුදලක් අවි මිලදී ගැනීම් වෙනුවෙන් බල්ගේරියාවේ ෆොරින් ටේ‍්‍රඞ් බෑන්ක් වෙත බැර කල බව සඳහන්ය.මේ අනුව  එල්.ටී.ටී.ඊ සංවිධානය  සතු බැංකු ගිණුම් වල සැහෙන තරම්  වත්කම් ඇති බව අඅනුමාන කෙරේ.මේ වත්කම් හෙළිදරව් කරගෙන ඒවා රාජසන්තක  කර ගැනීමට වැඩපිළිවෙලක් නැත්තේ මන්ද යන ගැටළුව බොහෝ දෙන තල ප්‍රශ්නාර්ථ දනවන්නකි.

 

කොටි සංව්ධානය අයත් යාත්‍රාවක්
කොටි සංව්ධානය අයත් යාත්‍රාවක්

 

 

නෞකා 

එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියා ලෙස කේපීට පැවරී තිබුණු වගකීම වූයේ සංවිධානයේ හිමිකාරීත්වය යටතේ තිබූ නෞකා වල ගමනාගමනයන් භාරව කටයුතු  කිරීමයි.වික්රම් හෝල්ඩිංගස් නම් සමාගමක හිමිකාරීත්වය දැරූ හෙතෙම මලයාසියාව – පේදුරු තුඩුව – පැනමාව ආශි‍්‍රත මුහුදු කලාපයේ නැව් ගමනාගමන කටයුතු මෙහෙයවීය.තායිලන්තය,සිංගප්පූරුව,කැම්බෝඩියාව,ලාඕසය,වියට්නාමය,බල්ගේරියාව,ස්ලොවැකියාව,රුමේනියාව,ප‍්‍රංශය,ජර්මනිය,ස්වීඩනය,නෙදර්ලන්තය,මලයාසියාව,ඩෙන්මාර්කය,නෝර්වේ,කැනඩාව,එක්සත් රාජධානිය මේ නෞකා ජාලයේ ප‍්‍රධාන ගමනාන්ත විය.

කේපීට භාරවී තිබුණු රාජකාරිය ගැන වඩා හොද පැහැදිලි කිරීමක් ඔහුගේ කි‍්‍රයාකාරකම් ඇසුරින් පෙන්වා දිය හැකිය.පහත දැක්වෙන්නේ එවන් අවස්ථා කිහිපයකි.

1990 වසරේදී එම්.වී ගෝල්ඩන් බර්ඞ් නම් එල්.ටී.ටී.ඊ නෞකාවෙන් රොකට් විදින,බ‍්‍රවුනින් වර්ගයට අයතමැෂින් තුවක්කු,එම්16 රයිෆල,ගුවන්යානා නාශක අවි වලට සවිකරන ඉලක්ක මාන හා ගිනි අවි උණ්ඩ විශාල තොගයක් ගී‍්‍රසියේ සිට ශී‍්‍රලංකාවට ඔහු එවීය.

1994 වසරේ ජූනි මස 21 වැනිදා ෂන්මුගම් එම් කුමාරන් (කේපී ගේ අනවරථ නාමයක්)* නමින් සිංගප්පූරුවේ සිටි බෑන්හි තිබූ බැංකු ගගිණුමකින් ඩොලර් පණස්දහසක් අධිබල පුපුරණද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 60 ක් මිලයට ගැනීම සදහා යුක්රේනයේ රසායන ද්‍රව්‍ය කම්හලක ගගිණුමට බැර කෙරිණ.

1996 වසරේ අගෝස්තු – සැප්තැම්බර්  කාලයේ ගිනි අවි හා උණඩ මිලයට ගැනීමට ඔහු  කැම්බෝඩියාවට ගියේය.

සාම සාකච්ඡුා පැවති කාලයේ අයර්ලන්තයට පැමිණි එල්.ටී.ටී.ඊ දුූත කණ්ඩායමක ආධාරයෙන් මුහුදු කොටි බෝට්ටු වලට සවිකළ හැකි රේඩාර් උපකරණ,රූපවාහිනී සම්පේ‍්‍රෂක උපකරණ,පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර ආදී උපකරණ තොගයක් වන්නිය බලා ප‍්‍රවාහනය කිරීමට ඔහු සමත්විය.මේ දුූත කණ්ඩායම ආරක්ෂක මුරකපොලූ වලදී පරීක්ෂා  කෙරුණේ නැත.

ජස්ලි බෙන් ජාමන් නමින් මලයාසියාවේ පෙට්‍රොනාස් තෙල් සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් හෙතෙම තායිලන්තයේ සැරිසැරීය.2000 වසරේදී ඔහු ඊජිප්තු ගුවන්ගමන් බලපත‍්‍රයක් ආධාරයෙන් සිංගප්පූරුවට ඇතුල් විය.

එම බලපත‍්‍රයේ ඔහුගේ නම සදහන්ව තිබුණේ කලීඞ් සයෙඞ් මොහොමඞ් ලෙසය.මේ ලෙසින් බලන කල ඔහු ක්‍රියාත්මක වූ වපසරිය ඉතා පුළුල්ය.

කේ.පී පිළිබඳව පරීක්ෂණ ඉල්ලා සිටින් පිරිස් කියා සිටින්නේ මේ පුළුල් වපස්රිය සඟවා තබා ගනිමින් කේ.පී ට විශේෂ රැකවරණ සැපයීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුන වුවමනාව පැහැදිලි කර ගැනීම ජාතික ආරක්ෂාවට වැදගත් වන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.