කොටකෙතන චන්ද්‍රානි මේ තරම් අවසනාවන්ත වුනේ ඇයි?

 

kota1සිද්ධිය සිදුවූ දිනයේ සැකකරු රාත්රිා 8 ට නින්දට ගිය බව පැවසුවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී ඔහු රාත්රින 10 වන තෙක්‌ම සිය පෙම්වතිය සමඟ ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ හරහා සම්බන්ධ වෙමින් සංවාදයේ යෙදී සිට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී තහවුරු වී ඇත. මේ පිළිබඳ ඔහුගෙන් ප්රදශ්න කළත් ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ තමා රාත්රිව 8 ට නින්දට ගිය බවකි.

දිගින් දිගටම කළ පොලිස්‌ පරීක්ෂ ණ හමුවේ සැකකරු කළ පාපොච්චාරණය අනුව සිය පෙම්වතිය සමඟ දිනක්‌ පාරේ කතාබස්‌ කරමින් සිටියදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා එය දැක මවට පවසා ඇත. මව එම සිද්ධියට දිගින් දිගටම ඔහුට බැණ වැදී ඇති අතර එම ගැටලුව දින කිහිපයක්‌ පැවතී ඇත. එසේම එළඹෙන සිංහල අවුරුද්දට තම පෙම්වතියට ඇඳුම් අරන් දීම සඳහා රුපියල් 3000 ක මුදලක්‌ මවගෙන් ඉල්ලා ඇත. එය සිදු වී ඇත්තේ චන්ද්රාපනිව ඝාතනයට ලක්‌වූ දින (4 දා) රාත්රිගයේදීය. එහිදී මවත් පුතාත් අතර වාදයක්‌ ඇතිවී මහේෂ් විසින් මව තල්ලු කර ඇත. එහිදී චන්ද්රාූනිව බිමට වැටී ඇති අතර ඒ හේතුවෙන් ඇයට සිහිය නැතිවී ඇත. මෙම අවස්‌ථාවේ ඔහු සිතා ඇත්තේ මව මියගිය බවය. ඝාතනයට තමා හසුවේය යන බිය ඔහුට පහළවී ඇති අතර කහවත්තේ ප්‍රසිද්ධ ඝාතන රැල්ල ආකාරයට මළ සිරුර සැ`ගවුවොත් මිනීමැරුමෙන් බේරෙන්නට හැකි යෑයි ඔහු කල්පනා කර ඇත.

නිවසේ තිබූ මන්නා පිහිය ගෙන හිසටත් මන්නා පහරක්‌ ඇතුළු පහරවල් කිහිපයක්‌ එල්ල කර මෙය වෙනත් අයෙකු විසින් සිදුකළ ඝාතනයක්‌ බවට ඒත්තු ගැන්වීමට ඔහු උත්සාහ දරා ඇත්තේ ඉන් පසුවයි. පසුව නිවස පුරා ලේ විසුරුවා නිවසේ මිදුලේ ද ලේ විසුරුවා ඇගේ ලේ වහනය වන හිසට ෂොපින් බෑගයක්‌ දමා මීටර් 500 ක්‌ පමණ දුරින් වූ ඇළට රාත්රිුයේ ගෙන ගොස්‌ දමා තිබේ. ඒ දිනය පොහොයට පසු දින රාත්රිේය වූ බැවින් හඳපාන හොඳට තිබුණ බැවින් ඔහුගේ කාර්යය පහසු වී ඇත. ගමේ එදා මළගෙයක්‌ පැවති බැවින් සියල්ලන් එම මළ ගෙදරට රොක්‌වී සිටි නිසා ඔහුට බාධක අවම වී ඇත. පසුව ඔහු හැඳ සිටි සරම ද සඟවා මන්නා පිහිය වීසිකර දමා නිවසට පැමිණ නිදාගෙන ඇත. තම මවගේ අවමංගල්ය.ය සිදුවන මොහොතේදීද ඔහු තරමක්‌ වික්‌ෂිප්ත භාවයකින් යුතුව කටයුතු කර තිබුණා.

අපේ කාලයේ විශාලා මහනුවරක්‌ වූ කොටකෙතනට මේ පඩිසන් දෙන්නේ අද ඊයේ සාපයක්‌ නොවේ. රජ කාලේ සිට පැවත එන සාපයකි. එනම් ඉතිහාසයේ කියෑවෙන පරිදි රජ කාලේ කොටකෙතන ජීවත් වී ඇත්තේ සුරූපී තරුණියන්ය. දවසක්‌ රජු කොටකෙතනට පැමිණි මොහොතක සුන්දර හැඩකාර තරුණියක්‌ දැක, රජතුමා එම තරුණියව රජ බිසවක්‌ කර ගැනීමට තරුණියගෙන් කැමත්ත විමසූහ. එහෙත් තරුණිය රාජ යෝජනාවට කැමැති නොවිණි. පසුව එකල පැවති රාජ නීතියට අනුව එම තරුණියගේ සුලඟිල්ල කපා දැමීය. එසේ කළ විට එම තරුණියට නැවත පෙළවහක්‌ කරගැනීමට නොහැකිය. ඒ තරුණියගේ නම එතනාය. ඇඟිල්ල කපා දැමුණු පසු ගමේ අය එතනා කොටඑතනා යනුවෙන් හැඳින්වීය. පසුකාලීනව කොට එතන ‘කොටකෙතන’ යනුවෙන් ගමට නම පටබැඳිණි.

kota3

 

රජ කාලේ කොටකෙතනේ තරුණියන්ගේ කපා දැමුණේ ඇඟිලි පමණි. එකලට වඩා මෙකල දරුණුය. කුරිරුය. දැන් කොටකෙතන ගමෙන් වර්තා වන්නේ තරුණ, වැඩිහිටි, මහලු කාන්තාවන් කෲර ලෙස වධ හිංසාවන්ට ලක්‌ කර මරා දැමෙන සිද්ධීන්ය. මෙයට වසර හතකට පෙර සිට එනම් 2008 වර්ෂයේ සිට විටින් විට කොටකෙතන කාන්තාවන් දාහත් දෙනෙක්‌ මරා දැමිණි. කොටකෙතන මරණ වැලේ අලුත්ම පුරුක චන්ද්රා නිය. අප මේ යන්නේ ද එකී ඝාතන රැල්ලේ අලුත්ම බිල්ල වූ චන්ද්රාකනිගේ මළගමටය. එහෙත් කහවත්ත නගරය ආසන්නයේදී අපට දැනගන්න ලැබුණේ චන්ද්රා නිගේ දේහය කොටකෙතන ඇයගේ නිවසට ගෙන ගියේ නැති බවත්, මාදම්පේ ඇයගේ මහගෙදරට ගෙන ගිය බවත්ය. ලැබුණු ආරංචිය මත අපි කොටකෙතන ගමන පසුවට තබා මළ ගෙදර සොයාගෙන මාදම්පේට ගියෙමු. මග ගමන් කරන්නන්ගේ උපදෙස්‌ පිට මාදම්පේ හන්දියෙන් හැරී අතුරු මාර්ග කිහිපයකට වාහනය හැරවිණි. චන්ද්රා්නිගේ මුහුණ සහිත මරණ දැන්වීම් ලයිට්‌ කණුවල ඇලවී නැත. මග දිගට කොඩි වැල්, පාලම් කොඩි නැත. මග කියන්නන් නොහිටින්න මළගෙදර සොයාගැනීමට අපට නොහැකි වන්නට ඉඩ තිබිණි.

චන්ද්රාවනිගේ දේහය සහිත ‘සීල් පෙට්‌ටිය තැන්පත් කර තිබෙන්නේ ඇයගේ මහගෙදරය. පෙට්‌ටිය තබා තිබෙන ගේ කෑල්ල කටු මැටිය. පෙට්‌ටිය තැබූ පසු තුන් හතර දෙනකුට හරස්‌ වෙන්න බැරි තරමට මැද සාලය පුංචිය. වහළ ටකරන්ය. පෙට්‌ටිය සීල් නොවෙන්න චුරු චුරු වැස්‌සට නිසල චන්ද්රාිනි තෙමෙන්නීය. ඇය බලන්නට පැමිණි ඥාති හිතමිත්රාහදීන්ගෙන් ගේ වට කර ඇති ටෙන්ට්‌ පිරී ගොස්‌ය. එහෙත් දැන් කවුරු ආවත් ශාන්ති මුහුණ පෙන්වන්නේ නැත. මේ කෲර සමාජයෙන් බලහත්කාරයෙන් චන්ද්රා නිව පරලොව යෑවූ තිරිසනා අවසාන මොහොතටවත් චන්ද්රා නිගේ මුහුණ බැලිය නොහැකි තරමට රීරි මාංශ කීතු කීතුවලට ඉරා දමා ඇත. ඇගේ සැමියා කියන හැටියට එවැනි කෲර මරණයක්‌ කුරා කුහුඹුවකුටවත් අත් නොවිය යුතුය. ඇය බිලිගත් යක්ෂතයා ඇයව කොටකෙතන ඇළේ සඟවා ඇත්තේ වධ බන්ධන තිස්‌ දෙකටම යටත් කළ පසුය.

”පොළේ යන්න බඩු අහුරලා මළගෙදරට එනකොට රැ දහයමාරට විතර ඇති. පාන්දර දෙක විතර වෙනකම් මළගෙදර හිටියා. උදේ පොළට යන්න ඕන නිසා තමයි, ගෙදර ගියේ. ගිහින් දොරට ගහලා කිහිප වරක්‌ ‘චන්ද්රායනි… චන්ද්රානනි…’ කියලා කතා කළා. ඒත් චන්ද්‍රානිට ඇහැරුණේ නෑ. පස්‌සේ මම දොරේ ලොක්‌ එක කැරැකැව්වා. එතකොට නිකම්ම දොර ඇරුණා. මැදසාලේ මෙට්‌ටයක්‌ දලා තිබුණා. මෙට්‌ටේ උඩින් පැනලා ගිහින් මම ලයිට්‌ එක දැම්මා. මෙට්‌ටේ හැම තැනම ලේ. කවදාවත් මෙට්‌ට දාගෙන චන්ද්රා්නි සාලේ නිදාගන්නේ නෑ. එයා නිදා ගන්නේ කාමරේ. මම කාමරේ ලයිට්‌ එකත් දලා බැලුවා චන්ද්රා්නි නෑ. කුස්‌සියෙත් ලයිට්‌ එකක්‌ දලා තිබුණ නිසා මම කුස්‌සියට ගියා. කුස්‌සිය තනිකරම ලේ ගොඩක්‌. තැනින් තැන මස්‌ කෑලිත් තිබුණා. පස්‌සේ මම ‘පුතේ… පුතේ…’ කියලා කෑගැහුවා. ඒත් පුතාට ඇහැරුණේ නෑ. පස්‌සේ මම පුතා නිදාගෙන ඉන්න කාමරේ දොරට ගහනකොට පුතාට ඇහැරුණා… ‘කෝ පුතේ අම්මා…’ මම අහනකොට පුතා කිව්වා අම්මා කාමරේ කියලා. ‘අම්මා කාමරේ නෑ. මෙට්‌ටේ උඩ ලේ තියෙනවා…’ කියලා කිව්ව ගමන් පුතා කෑගහගෙන දොට්‌ට පැන්නා. පස්‌සේ මම කෑගහලා අල්ලපු ගෙදර බණ්‌ඩා අයියට කතා කළා. සද්දෙට ඒ ගෙදර පුතා දුවගෙන ඇවිත් කිව්වා අම්මයි තාත්තයි වෙලේ වාඩියේ කියලා. ඒ වාඩිය තියෙන්නේ අපේ ගෙට පහළ. පස්‌සේ අපේ කෑගැහිල්ලට බණ්‌ඩා අයියත් උඩට ආවා. මම මල්ලිටත් කෝල් කළහම එයත් ආවා. බණ්‌ඩා අයියයි, මල්ලියි තමයි පොලිසියට ගිහින් කිව්වේ. පස්‌සේ පොලිසියෙනුත් ඇවිත් එවෙලේ පටන් හැම තැනම හෙව්වා. දවස්‌ දෙකහමාරකට පස්‌සේ තමයි ඇළේ ගහලා තිබිලා මිනිය හම්බ වුණේ. මට කිසිම දෙයක්‌ හිතාගන්න බෑ. පහුගිය කාලේ ධර්මසිරි අයියලගේ කුඩු කේස්‌ එක නිසා මිනී මැරුම් කිහිපයක්‌ වුණා. නැවතත් ඒක මතු වුණාද කියලා සැකයක්‌ තමයි තියෙන්නෙ… චන්ද්රා නිවත් කපලා තිබුණේ පහුගිය කාලේ මරා දාලා තිබුණු අයව කපලා තිබුණු විදිහටමයි. අපි ඒවා බලන්න ගියානේ. මේකත් ඒ විදිහටම හැම තැනම කපලා. සෑහෙන්න වධ දීලා. මම ඊයේ ඉස්‌පිරිතාලේදී දැක්‌ක ලොකු කැපුම් පාරවල්. අත පය වෙන් කරලා. කෑලි කෑලි වෙන්න කෙස්‌ හිටන් කපලා.

‘ඝාතනයට පාවිච්චි කරල තියෙන ආයුධය මොකක්‌ වගේද?’

‘මන්නයකින් තමයි කපලා තියෙන්නෙ…’

‘මරන්න ඉස්‌සර වෙලා අතවරයකට ලක්‌ වෙලාද…’

මෙට්‌ටේ උඩ දඟලලා තිබුණු විදිහට මට එහෙම හිතෙනවා. කුස්‌සියේදී තමයි ඔලුවට එහෙම ගහලා තියෙන්නේ.

‘කුඩු ප්රටශ්නයක්‌ උඩ චන්ද්රානනිව ඝාතනය කෙරුවා නම්. කුඩුකාරයොත් එක්‌ක මොකක්‌ හරි කෝන්තරයක්‌ තියෙන්න ඕනා…’ අපි එක දිගට ප්ර්ශ්න වැලක්‌ ඉදිරිපත් කළෙමු.

‘ඒක තමයි… ඒ අය පහුගිය කාලේ ඝාතනය කළේ කිසිම දේකට සම්බන්ධ නැති අහිංසක කාන්තාවන්. චන්ද්රාතනිත් හරිම අහිංසකයි. කනට ඇහෙන්න කතා කරන්නේ නෑ. ඕන කෙනෙක්‌ එක්‌ක කතා කරලා ගමේ බොහෝම හොඳට හිටියා. කිසිම කෙනෙක්‌ වචනයක්‌ කියලා නෑ…’ විජිතගේ ජීවිතයට ජීවය දුන් චන්ද්රා නිගේ අකල් වියෝව ඔහුට දරාගැනීමට නොහැකි තරම්ය. ඔහු ශෝකයෙන් භරිතය. වචනවලට පෙර කඳුළු පනින තරමට දෙනෙත් කඳුළින් බරය. කතා කරගෙන යන විට වචන පිට නොවන තරමට මුව ගොළු වන්නේය.

‘ඔයාලගේ පවුලට හතුරුකම් කරන අය ගමේ හිටියද…’

”අනේ නෑ. ගමේ හැමෝම අපිත් එක්‌ක බොහෝම හොඳයි. පොළේ යන්න හිටියට පස්‌සේ ගමේ අය ඉස්‌සරටත් වඩා අපිත් එක්‌ක හිතවත් වුණා. අපි දියුණුවෙනවට කාටවත් ඊර්ෂියා හිතුණද දන්නේ නෑ. පුතාට ඇහැරුණේ නැති එකත් එක්‌ක ගෙදර කෑමවලට කවුරුහරි මොනව හරි දලා තිබුණද කියලා දැන් මට සැකයක්‌ තියෙනවා. චන්ද්රාතනි වෙනදට නිදාගන්නේ ටී.වී එකේ නවයහමාරේ ටිකට්‌ දිනුම් අදින එකත් බලලා රෑ දහයට විතර. එදා පුතා ගෙදරට එනකොටත් චන්ද්රාානි නිදාගෙන ඉඳලා තියෙන්නේ. ලෙඩක්‌ දුකක්‌ වෙලා මොකක්‌හරි වුණා නම් දුක නෑ. මෙච්චර වද දීලා මරන්න තරම් ඇය කරපු වරද මොකක්‌ද කියලා තමයි මට හිතා ගන්න බැරි…” මුවින් පිට වන වචනවලට වඩා ඉකි බිඳුම වේගවත් විය. ඔහුට වේදනාව තුනී කරගන්න මොහොතකට අපි කතාව නතර කළෙමු.

”ඇයි මිනිsය ගෙදර ගෙනිච්ෙච් නැත්තේ…’ විජිත කඳුළු පිස දා ගත් පසු අපි නැවත කතා කළෙමු.

”පොලිසිය කිව්වා ගෙදර පරීක්ෂිණ කරන්න තියෙනවා කියලා. පස්‌සේ අපි අපේ මහගෙදර මිනිය තියන්න හැදුවේ. ඒත් චන්ද්රීනිගේ සහෝදරයෝ ඒකට කැමැති වුණේ නෑ…’

‘දැන් ඇති කතා කළා. මෙයාව ඉස්‌සරහට එක්‌කගෙන යන්න ඕනෑ…’ කෙනෙක්‌ අපේ කතාව අතරට පැන්නේය. ඔහු විජිතගේ මල්ලි කෙනෙකි. මොහොතකින් විජිත අප අසලිsන් නැඟිට්‌ටේය.

විජිත කියනවට වඩා තව බොහෝ දේ ඔහුගේ හෘද සාක්ෂිමය කියන්නට තෙපලන බව අපේ ප්රැශ්න හමුවේ විටින් විට විජිතගේ ගොළු වත අපට පසක්‌ කර දුන්නේය. කතාව අතරතුර කඳුළු පිරුණු ඔහුගේ දෑස්‌ මොනවා දෝ වසන් කරන්නට මෙන් සැඟවුණු අවස්‌ථා එමටය. කම්පනයට පත්ව සිටින විජිතට වචනත් අමතක වෙන්නට ඇති. එහෙත් නොදුරු දිනකදී ඔහුගේ හෘද සාක්ෂිෂය කතා කරන බව නම් අපට සඵතය.

 

 

 

 

චන්ද්රානනිට වයස අවුරුදු තිස්‌ නවයකි. ඇයට පුතුන්ම තිදෙනෙකි. ලොකු පුතාට අවුරුදු විස්‌සකි. ඔහු කොළඹ රැකියාවක්‌ කරන්නේය. දෙවැනි පුතාට අවුරුදු දහඅටකි. ඔහු වෘත්තීය පුහුණු පාඨමාලාවක්‌ කරගෙන යන්නේය. තෙවැනි පුතා තවමත් පාසල් යන්නේය. එහෙත් ඇයට මේ අපරාධය වන දිනයේ පුංචි පුතා සිට ඇත්තේ ආච්චි අම්මලාගේ නිවසේය. චන්ද්රා නිව බිලි ගන්න යක්ෂායා නිවසට පනින මොහොතේ, නිවසේ කාමරයක නිදා සිටියේ ඇයගේ දෙවැනි පුතාය. ඔහු මහේෂ්ය. ඔහු අප සමග කතා කරන්න කැමැත්තෙන් පැමිණියත්, ඔහුගේ අයියා ඔහුට ඉඩ දුන්නේ නැත. මහේෂ් නැවතත් අප අසලිsන් ඇදගෙන ගියේය.

”සුදූ කැමැතියි අම්මාගෙ මිනී මරුවා හොයාගන්න… අයියගේ මල්ලිලා සුදූ කතා කරනවට කැමැති නෑ.” මහේෂ්ගේ අයියා ඔහුව අතින් ඇදගෙන ගිය විට අසල සිටි තරුණියක්‌ එසේ කීවාය.

‘මම හැම සතියකම සිකුරාදා අක්‌කලාගෙ ගෙදර යනවා. අයිය ඉරිදා පොළට යන්න සෙනසුරාදා රෑට ගෙදරින් යනවා. අක්‌ක තනියෙන් නිසා මම එහේ යනවා. එදා මම ගියේ නැත්තේ සුදූ ගෙදර ඇවිත් හිටපු නිසයි. සුදූ ගෙදර එන්නේ සති අන්ත දවස්‌වලට විතරයි. අනේ අපේ අක්‌කා ඔය දරුවො තුන් දෙනාව හදා ගන්න ගොඩක්‌ දුක්‌ වින්දා. ඔය දැන් තමයි අයියත් හොඳ, ඉස්‌සර බීගෙන ඇවිත් අක්‌කට හොදටම ගහනවා. දරුවො හින්ද තමයි අක්‌ක අයිය එක්‌ක හිටියෙ” ඇය නැවත කතා කරන්නීය.

ඇය කුමාරිය. චන්ද්රානනිගේ බාල නැඟණියයි. චන්ද්රාගනිට සහෝදර සහෝදරියන් නව දෙනෙකි. වැඩිමහල් දියණියගේ වෙන්වීම දරාගැනීමට නොහැකිව චන්ද්රානනිගේ මවුපිය දෙපළ හැඬූ කඳුළින්ය. සහෝදර දම්වැලේ පුරුකක්‌ කැඩී යැම සම්බන්ධයෙන් චන්ද්රා‍නිගේ සහෝදරයන් තුළ ඇත්තේ වේදනාවත් සමඟ කැටි වූ කෝපයකි.

‘අක්‌කව මරපු එකාව පොලිසියට කොටු කරලා දීලා අපිට වැඩක්‌ නෑ. අපිට ඕනෑ ඌව අක්‌කව කපලා තිබුණු විදිහට පෙති ගහන්න…’ කුමාරිගේ වදන් ආවේගශීලීය. චන්ද්රාවනිගේ මව කියන්නෙත් ඒ කතාවමය. කුමාරිලගේ වියෝ දුක වචනවලින් පිට කරන අතරේ මහේෂ් නැවත අප අසලට පැමිණියේය.

”මම යාළුවකුගේ ගෙදර ඉඳලා එදා ගෙදර ආවේ 7.30 ට විතර. මම එනකොට අම්මා කාමරේ නිදාගෙන හිටියේ. මම කතා කළහම දොර ඇරියෙත් රෙද්දක්‌ පොරවගෙන ඇවිත්. ‘බත් කාලා දොර වහලා නිදාගන්න’ කියලා ආයෙමත් අම්මා නිදාගන්න ගියා. පස්‌සේ මම කුස්‌සියට ගිහින් බත් බෙදාගෙන කන්න ගත්තා. අප්පිරියාවක්‌ වගේ ආපු නිසා බත් එක වහලා දලා මමත් කාමරයට ගිහින් නිදාගත්තා. පාන්දර තාත්තා කෑගහනකොට තමයි මට ඇහැරුණේa…’ අහන දේට හැරෙන්න මහේෂ් වැඩි කතා නැත. මහේෂ්ගේ දෙනෙත් වේළිලාය. මුහුණ සුදුමැලී වෙලාය. මුවින් පිට නොකළ ද මහේෂ්ගේ ගැහෙන හදවත අම්මාගේ මරණය ගැන තව බොහෝ දේ සඟවාගෙන සිටින බව ඔහුගේ කතාවෙන් පැහැදිලිsය.

 

kota2

 

 

වැස්‌ස තුරල් වෙලාය. මේ කෲර සමාජ වදකාගාරයෙන් චන්ද්රා්නිට සමුගෙන යන්නට ඇත්තේ තව හෝරා කිහිපයක්‌ පමණි. ඊට පෙර චන්ද්රාකනිට සමුදී අපි මරණ ගෙදරින් ‘මරණ ගමට’ ගියෙමු. කොටකෙතන ගම ගැන මෙන්ම ගමේ මිනිස්‌සු කියන කතා වෙනත් ලිපියකින් කතා කරන බලාපොරොත්තුවෙන් අපි චන්ද්රාගනි ඝාතනය කළ නිවස දෙසට ගමන් කළෙමු. චන්ද්රාිනි ජීවත් වූ නිවස පිහිටා ඇත්තේ වෙල් යායට ඉහළින් කන්ද පාමුලය. තවමත් වැඩ ඉවර නැති පුංචි ගේ කෑල්ල පොලිස්‌ මුරකාවල් මැද අගුළු ලා තිබිණි. නිවසේ ඉදිරිපස සුදු හුණු පිරියම් කර පාට ජනෙල්වලින් හැඩ කර තිබුණද නිවස පිටු පස කුස්‌සිය මැටිය. දොරට පයින් ගැසුවොත් මැද සාලයට විසි වන තරමට මුළුතැන්ගෙයි දොර දිරා ගොස්‌ය. නිවස ඉදිරිපස වෙළේ මුර වාඩියට චන්ද්රාසනිගේ නිවසේ සිට අඩි තිහ හතළිහක්‌වත් නැත. වෙල් යාය මැදින් වැටුණු පාර දිගේ චන්ද්රාුනිගේ නිවස පිහිටි ඉඩමට ගොඩ වන්නේ වෙල මුර කරන වාඩිය අසලිsනි. චන්ද්රාදනිගේ නිවසේ සිට අල්ලපු ගෙදරටත් අඩි තිහ හතළිහක්‌ නැත. අල්ලපු ගෙදරට පිටුපස කොටකෙතන පොලිස්‌ මුරපොළය. චන්ද්රා නිගේ ගෙදර ඉන්න මිනිස්‌සුන්වත් පොලිස්‌ මුරපොළට පේන දුරය. කොටකෙතන ඇළත්, පාරටත් මැදිව පොලිස්‌ මුරපොළේ සිට මීටර් දෙසීයක්‌ පමණ දුරින් තවත් පුංචි මුර කුටියකි. චන්ද්රාකනිගේ නිවසට යන නියර මතින් පුංචි හා පැටියෙක්‌ දිව්වත් වෙළේ මුර වාඩියට පෙනේ. පොලිස්‌ මුර පොළට පෙනේ. චන්ද්රාරනිට මේ විපත වන දිනයේ අල්ලපු ගෙදර අඹු සැමි යුවළ රෑ පහන් කර ඇත්තේ මුර වාඩියේය. මුර වාඩියක රෑ පහන් කරන්නේ සීතලට තුරුලු වී නිදාගන්න නොව, ඌරන්ගෙන් වෙළ ආරක්ෂාා කරගන්නටය. එදින ගමේ මළගෙයක්‌ තිබූ බැවින් රෑ තිස්‌සේ ගමේ මිනිස්‌සු මළ ගෙදරට ද ගිය ආවේය. පොලිස්‌ මුර පොළත් අවදියෙනි. පොලිස්‌ නිලධාරීන් රාත්රිියට ගම වටා මුර සංචාරයේද යෙදෙන බව ගම්මු පැවසූහ. පොලිස්‌ මුරපොළේ සිටින පොලිස්‌ නිලධාරීන්, වෙලේ වාඩියේ මුර කළ අය අඳ ගොළු බිහිරන් නොවේ, හොඳින් ඇස්‌ පේන, කන් ඇහෙන මිනිසුන්ය. මෙවැනි අවදියෙන් සිටි මිනිසුන් අතර, ආරක්ෂිිත ප්රූදේශයක පිහිටි චන්ද්රාුනිගේ නිවසේදී තිරිසනකු විසින් අභිරහස්‌ ලෙස චන්ද්රායනිව කපා කොටා මරා දැමුවේය. නිවසේ නිදා සිටි චන්ද්රානනිගේ පුතාට මේ කිසිවක්‌ නොතේරෙන තරමට නිදි මත තද විය. ඔහු නිදි බෙහෙත් පානය කර නිදා ගත්තාදැයි ගෙදරට යන ඕනෑම පුංචි එකෙකුට තේරුම් යන්නේය.

 

කෙසේ හෝ අවසානයේ ඝාතකයා විසින් මඟ දිගට ලේ පැල්ලමක්‌ හෝ නොවැටෙන තරමට පරිස්‌සමට ශාන්තිගේ ප්රායණය නිරුද්ධ සිරුර සඳ පැයූ රාත්රිටයක වෙල මැදින් ගෙනැවිත් ගම මැද ඇළේ කොට්‌ටම්බා මුල් අතරේ සැඟ වූයෙAය. විටෙක කතාව චිත්රරපටයක්‌ වැනිය. තවත් විටෙක අද්aභූත සිද්ධියක්‌ වැනිය. එසේ නොවෙන්න විජිත කියන විදිහට නිදි බෙහෙත් දමා ඇත්තේ චන්ද්රාරනිගේ නිවසේ බත් මුට්‌ටියට පමණක්‌ නොව, අල්ලපු ගෙදර සහ කොටකෙතන පොලිස්‌ ස්‌ථානයේ බත් මුට්‌ටිවලට ද නිදි බෙහෙත් කලවම් කර ඇත. එමෙන්ම චන්ද්රාරනිගේ නිවසට අල්ලපු ගෙදර කාන්තාව කියන පරිදි චන්ද්රාේනිව ඝාතනය කරන්නට දින කීපයකට පෙර ඔවුන්ගේ වෙලේ වාඩියට කවුරුන් හෝ ගිනි තබා තිබේ. ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ උපුල් ශාන්ත සන්නස්‌ගල මෙහෙයවන සත්යාවගාරයේදී සාකච්ඡා වූ ආකාරයට චන්ද්රාිනිගේ ස්‌වාමිපුරුෂයා වූ විජිත කොටකෙතන පළමු කාන්තා ඝාතනයේ, එනම් 2008 වර්ෂයේ ජුනි 21 වැනිදා ඕපාත වත්ත 56 හැවිරිදි සෙල්ලයියා මාරියායි කාන්තාව ඝාතන සිද්ධියේ ප්රනධාන සැකකරුවන් තිදෙනාගෙන් එක්‌ අයෙකි. ඔවුන් බන්ධනාගාරගතව සිටි 2009 වර්ෂය තුළ කොටකෙතන ගමේ කිසිදු මිනිස්‌ ඝාතනයක්‌ සිදු නොවුණු බවද එහිදී සාකච්ඡා විය. පසුව ඔවුන් නිදහස්‌ වී ගමට ආ පසු තිදෙනාගෙන් දෙදෙනෙක්‌ අතුරුදන් වන්නේය. ගමේ සිටින්නේ විජිත පමණි. ගම්වාසීන් කියන පරිදි විජිත ගමේ කසිප්පු ජාවාරමේ ප්‍රබල  චරිතයකි.

සිද්ධිය පෙළගැසෙන්නේ එසේය. මිනීමරුවකුට සැඟවී සිටීමට නොහැකිය. චන්ද්ර්නි ඝාතනය කරන අවස්‌ථාවේ නිවසේ කාමරයක්‌ තුළ මර නින්දක වැටී සිටි ඇයගේ දෙවැනි පුතා වන මහේෂ් සහ විජිතගේ මල්ලි කෙනෙක්‌ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මේ ලිපිය පළ වන විටත් චන්ද්රාමනිගේ මිනීමරුවා කවුදැයි කියා සැක හැර දැනගැනීමට ඉඩකඩ තිබේ. මන්ද චන්ද්රාිනිගේ මිනීමරුවා ගැවසෙන්නේ වැඩි ඈතක නොවන බැවිනි.

කොටකෙතන ඝාතන ශෝකාන්තය ඉවර නැත. මේ කෲර ඝාතන රැල්ලේ තවත් බොහෝ දේ කතා කරන්නට ඉතිරිව ඇත. එමෙන්ම කොටකෙතන ගම්මු කියන කතාවලට අපගේ හදවත් ඉකි බිඳෙන තරමට සසල වන්නේය.-දිවයින

තරංග රත්නවීර
කුමුදු හෙට්‌ටිආරච්චි
ඡායාරූප – කමල් බෝගොඩ

 

මේ පිළිබඳව පළවෙන වෙනත් මතයක්

 

 

[vsw id=”/u5r5VR6341Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.