කොටහේන ගැන රවී-සේනසිංහ ගැටුමක

150731113835_ravi_kotahena_shooting_512x288_bbc_nocredit

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා සිදුවූ වෙඩි තැබීම පාතාල ලෝකයේ ගැටුමක් ලෙස පෙන්වීමට විපක්ෂයේ පමණක් නොව සිය පක්ෂයේම ‘දේශපාලන අවස්ථාවාදීන්’ උත්සාහයක නියැලෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

වෙඩි තැබීමේදී තුවාල ලැබූ අමාත්‍යවරයාගේ තවත් ආධාරකරුවකු සඳුදා උදෑසන මියගිය අතර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් සම්පත් වන ඔහු ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ පාතාල නායකයකු වන “ආමි සම්පත්”ලෙසින්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තම ආධාරකරුවා පාතාල ලෝක නායකයකු බව අඟවමින් මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක් ලෙස හුවා දැක්වීමේ ‘බංකොලොත් උත්සාහයක’ ඇතැමුන් නියලී සිටින බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

 

 

සේනසිංහ

රාජපක්ෂලාට මඩ ගසන්නට ගොස් මුලු එක්සත් ජාතික් පක්ෂයේම දැලි ගෑ රවී කරුණානායකට වහාම සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හරහා නියෝගයක් නිකුත් කරන ලෙස සජිත් පිළේ සමාජිකයන් රනිල් වික්‍රමසිංහ සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර ඊයේ  කොළඹ කොටහේන ප‍්‍රදේශයේ ඇතිවු ගැටුම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකම එජාප මැතිවරණ මෙහෙයුම අඩාල විමට පත්ව ඇති බවට එම කණ්ඩායම් රනිල්ට පවසා ඇති බවයි.

මේ අතර වහාම රවිගේ අමන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි දින 2ක තුල ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මෙම කණ්ඩායම එජාප මහා ලේකම් කබිර් හෂිම් හට ලිපියක්ද භාරදි තිබේ.ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගන්නේ නම් පක්ෂය ආරක්ෂාකර ගැනිම සදහා මැතිවරණ සටන පසෙකලා දේශපාලන තින්දුවක් ගැනිමට දෙවරක් නොසිතන බවද සජිත් කණ්ඩායම එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.