කොටහේන වෙඩිතැබීම පාතාල වැඩක්?

වෙඩි තැබීමට සන්ධානයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය සම්බන්ධ බවට අමාත්‍ය රවි කරුණානායක චෝදනා කළේය

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා සිදුවූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු සඳුදා අළුයම මිය ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම මිය ගිය අතර, සඳුදා මිය ගොස් තිබෙන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් සම්පත් නම් 36 හැවිරිදි පුද්ගලයෙකි.

කෙසේ නමුත් මෙසේ මියගියේ ජනමාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබෙන “ආමි සම්පත්” ලෙස හඳුන්වන පුද්ගලයා නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

කොටහේන වෙඩිතැබීම දේශපාලන හෝ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ එකක් නොව එය හුදු පාතාල ක්‍රියාවලියක් බව කැෆේ සංවිධානය පවසයි

වෙඩි තැබීමෙන් තුවාල ලබූ තවත් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඒ අතරින් දෙදෙනකුගේ තත්වය බරපතල බවත් බීබීසී සංදේශයට වාර්තා වේ.

වෙඩි තැබීම පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර, එයට හේතුව දේශපාලන ආරවුලක්ද නොඑසේනම් වෙනත් හේතුවක්ද යන්න තවමත් සොයා ගෙන නොමැති බවත් සඳහන් කළේය.

මේ අතර නිවේදනයක් නිකුත්කරන කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධනය පවසන්නේ කොටහේන වෙඩිතැබීම දේශපාලන හෝ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ එකක් නොව එය හුදු පාතාල ක්‍රියාවලියක් බව පැහැදිලි වන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.