කොටින්ගේ රන් ගැන ලිය කියවිලි අතුරුදහන්

 

 

 

එල්ටීටීඊ සංවිධානය සතුව තිබී හමුදා භාරයට ගන්නා ලද රත්තරන් හා මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දීමේදී ඒ වෙනුවෙන් භාණ්ඩාගාරය හා යුධ හමුදාව අතර හුවමාරු වූ ලියැවිලි පසුව රාජපක්ෂ පවුලේ ප්‍රබලයකුගේ උපදෙස් පරිදි පුළුස්සා දැමිමට කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.

එම හේතුවෙන් මේ සම්බන්ධ කිසිදු ලියැවිල්ලක් යුධහමුදාව සතුව නොමැත.

එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්න ලද රත්තරන් හා මුදල් ප්‍රමාණය ගැන කිසිදු ලියැවිල්ලක් නොවීම හේතුවෙන් මෙම රත්තරං තොගය හා මුදල් ප්‍රමාණය කොපමනදැයි සොයා ගැනීමට නොහැකිව ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා හෙළිකර සිටියේදී උතුරෙන් අත් අඩංගුවට ගන්නා ලද නියමිත ක්‍රියා පටිපාටිය අනුව රත්තරන් හා මුදල් රජයට භාර දුන් බවය. මෙම රත්තරන් හා මුදල් තොග කොළඹට ප්‍රවාහනය කර තිබුණේ ටැක්ටර් හා ලොරි රථවලින් බවද කියැවේ.

 

 

 

 

මීට පෙර අවස්ථාවක අප විසින් එල්ටීටීඊ සංවිධානය සතුව තිබී අත් අඩංගුවට ගන්නා ලද රත්තරන් තොගයකින් ටොන් 310 ක් රාජපක්ෂලා හොර රහසේ ජපානයට විකුණා ඇති බව අනාවරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් සාක්ෂි ද හෙළිදරව් විය. එහෙත් මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්බකළද ඒ මේ වන විට යම් අදිසි හස්තයකින් නවතා දමා ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයාගෙන් විමැසීමෙදී ඔහු පැවැසූවේ මේ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බවත් එය ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසන ලෙසත්ය.

 

මැතිවරණයට පෙර රත්තරං දෙමල ජනතාවට ලද දුන් අන්දම- අලුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය මේ තාක් හෙළිදරව් කොට නැත.0 (1)gold

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.