කොටි හිතවාදී නෙදර්ලන්ත ජාතිකයින් පස් දෙනෙකුට සිර දඬුවම්

ltte-flag-300-newsඑල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ලවී තිබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෙදර්ලන්ත ජාතිකයින් පස් දෙනෙකුට එරට අධිකරණයක් මඟින් සිරදඬුවම් නියම කර තිබේ.

චෝදනා දෙකක් යටතේ සැකකරුවන්ට මාස 19 ක සහ වසර 06 ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2003 සහ 2010 අතර කාලයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකත්වය දැරීම සහ එම සංවිධානයට  මුදල් එක්රැස් කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබූ බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අදාළ නෙදර්ලන්ත ජාතිකයින් 05 දෙනාට එරෙහිව 2011 වසරේදී නඩු පවරා තිබුණි.

යුරෝපා සංගමය විසින් 2006 වසරේ සිට තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර අනුබල ලබාදීම හේතුවෙන් ඔවුන්ට සිරදඬුවම් නියම කිරීමට එරට අභියිචනාධිකරණය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.