කොළඹ මැයි රැළි වලින් මෛත්‍රීට පණිවිඩයක්

maithripalaජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපයේ බලය අත්පත් කර ගැනිමට මිස වෙනකක් වෙනුවෙන් කිසිදු අවධානයක් යොමු නොකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ ජනාධිපති කමේ කෙරුවාව දැන් වත් තේරුම් යායුතුය. ගෝල් ෆේස් පිටියට පැමිණි මහ සෙනඟ විසින් කියා පෑවේ මෛත්‍රී පිස්සු කෙලින් නැතුව ගෙදර යායුතු බවය. පසුගිය වසර දෙක තුල මහින්ද රාජපක්ෂ විසින් මෛත්‍රීව ගොනාට අන්දවමින් රවටමින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් විය.

ගොල් ෆේස් ජන ‍රැල්ල

රනිල් සමඟ ඩීල් දමන්නෙ යැයි මහින්දට චෝදනා කළ ද මහින්ද ඒ තුලින්ද තමන්ගේ ගමන් මඟට අදාල නිදහස් පරිසරය තනාගෙන ඇත. රනිල් සූක්ෂම ලෙස දේශපාලනය හසුරුවමින් සිටින අතර මෛත්‍රීපාල එක එකාගේ ලණු කමින් අසරණ භාවයෙන් අසරණ භාවයට දිනෙන් දිනම පත් වෙමින් තිබේ. තමන්ගේ මහ ලේකම් දුමින්ද දිසානායකට පක්ෂය හසුරුවා ගැනීමේ හැකියාවක් නැත. ශ්‍රීලනිප පාක්ෂිකයෝ දුමින්දව ගනන් ගන්නෙ නැත. මෛත්‍රීගේ ගැටබේ රැළියට යම් පිරිසක් ආවා නම් ඒ මෛත්‍රී පාර්ශ්වය හා එක්ව සිටින ශ්‍රිලනිප ජේෂ්ඨයන් කිහිප දෙනාගේ පෞද්ගලික හැකියාවෙනි. එම පාක්ෂිකයන් පිරිස හෝ තව දුරටත් රඳවා ගැනිම මෛත්‍රීට අභියොගයක් වීමද දැන් නොවැලැක්විය හැකි වනු ඇත. මන්ද ඒ ගොල් ෆේස් ජන ‍රැල්ලය. ඒ ජන ‍රැල්ල පෙර මඟ ලකුණු කියා ඇත. තවදුරටත් හොරා හොරා කීමෙන් පළක් නොවනු ඇත.

මෛත්‍රී ජනවාරි අට පොරොන්දු ඉ‍ටු කිරීම කළේ නැත. උඩින් පල්ලන් අත ගගහා කරන මඟ හැරීම හැර වෙනකක් කළේ නැත.. හැමදාමත් දැඩි තීන්දු ගන්න බවට නන් දොඩවමින් සිටියාට කිසිවක් වන්නෙ නැත. තව දුරටත් මේ බයිලාව ගැසීමෙන් තමන් ජෝක් වීම හැර මෛත්‍රීට අන් යහපතක් සිදු නොවේ. දැන් නම්බුකාර විදිහට කළ හැකිව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත් වීමය. ඊට මුහුණ දී පරාජය වී හෝ ගෙදර යාම වැල් බයිලා ගසමින් බල ලොබෙන් මෛත්‍රීපාලනය නඩත්තු කරනවාට වඩා නම්බුකාරය.

හොන්දු මාන්දු තීන්දු

මහින්ද රාජපක්ෂ තමන්ගේ කණ්ඩායම සමඟ තනිවම මැතිවරණයට ඉදිරිපත් වීම දැන් ස්ථිරය. මෛත්‍රීගේ ශ්‍රිලනිපය අභිබවා යෑම පමණක් නොව එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රීලනිපයේ බලයද තමන්ට අත්පත් කර ගත හැකි බව මේ වන විටත් ගනන් බලා ඇති බවට සැක නැත. මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස අභියොග කළේ කට වාචාල කමට නොවේ. ශ්‍රීලනීපය දෙකඩ කිරීමේ දුර දැක්මක් සහිතවය. ඒ 2020 නොව 2025 නාමල් ඉලක්ක කොට ගෙනය. 2020 අයිති රනිල්ටය. මහින්ද ඒ රනිල්ට දෙනු ඇත.

යහපාලනය කියන්නේ හොන්දු මාන්දු තීන්දු තීරණ ගැනීමක් නොව දැඩිව තීන්දු තීරණ ගත යුතු තැනකි. ඒ නිවැරැදි දේ වෙනුවෙනි. මෛත්‍රී නොකළේම එයය. දැන් කරන්න දෙයක් නැත. පරක්කු වැඩිය..මෛත්‍රීට දෙවියන්ගේ පිහිටයි කියා හැර කියන්න දෙයක්ද නැත…

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.