කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පැටලිල්ලක්

 

 

colomboddd-1

 

 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද, සිකුරාදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.මීට පෙර

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියා සිටීයේ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කරගෙන යන බවයි.රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ සමය තුල කියා සිටීයේ නව ආණ්ඩුව බලයට පත්වූ විගස මේ වැඩ පිළිවෙල නතර කරන බවයි.

එදා මීගමුවේ  පැවති උද්ගෝෂනයකදී රනිල් වික්‍රමසිංහ මහතා එසේ පවසන විට  පරිසර වේදීන් ගෙන් ලෝක්ය් චියර් එකක් රනිල්ට ලැබින.

පරිසරවේදීන්

දැන් පරිසරවේදීන් කියා සිටින්නේ ආණ්ඩුව පොරොන්දු කඩ කළහොත් තමන් නඩු දමන බවයි.

මේ පරිසර හානි සලකා බලා වහාම අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කරන බවට මැතිවරණ සමයේ වර්තමාන ආණ්ඩුවේ නායකයන් පොරොන්දු වුවද එම පොරොන්දු කඩ කරමින් මෙසේ කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අවධාරණය කරයි.

අදාළ අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙන ආකාරයට සුඩානය, ඉතියෝපියාව, උගන්ඩාව, ඇන්ගෝලාව, නයිජීරියාව, ගානාව, ඉන්දුනීසියාව වැනි රටවල දැවැන්ත පරිසර විනාශයක් සිදුකිරීමට මුල් වූ චීන කොමියුනිකේෂන් කොම්පැනි ලිමිටඩ් ආයතනය මඟින්ම මේ වරාය නගරයේද ඉදිකිරීම් සිදුකරන බවත් මේ කරුණු පරිසරවේදීන් විසින් සාධක සහිතව අවධාරණය කර තිබියදී ආණ්ඩුව මෙවැනි තීරණයක් ගැනීම කනගාටුවට කරුණක් බවත්ය.

 කමිටු වල වාර්තා

ව්‍යාපෘතිය ගැන අවසන් තීන්දුවක් ගෙන නොමැති බව පවසන  අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ මේ පිළිබඳව හොයා බැලීමට පත් කළ  කමිටු වල වාර්තා ලැබෙන තුරු බලා සිටින බවයි.

මොන වර්තාව ලැබුනත් ආණ්ඩුවට මෙම ව්‍යාපෘතිය පහසුවෙන් අකුලා ගැනීමට ඉඩ නොලැබෙනු ඇත. මාර්තු මාසයේදී ජනාධිපතිවරයා චීන සංචාරයක නිරතවීමට සුදානම් අතර එම සංචාරයෙන් අනතුරුව මොන ප්‍රශ්නය තිබුනත් පසුගිය ආණ්ඩුව දියත් කළ චීන ව්‍යාපෘති වෙනස්කම් ඇතුව හෝ නැතුව දිගටම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පවතී.

Colombo port city not  finalised

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.