කොළොන්නාවේ කුපිත වූ ජනතාව අත්අඩංගුවට

kolonnawa-protest-attackකොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට පැවැති සේවක උද්ඝෝෂණයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (31) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.

ආණ්ඩුව කියා සිටියේ කුපිත වූ ජනතාව වර්ජකයින්ට පහර දුන් බවයි. දැන් මේ ජනතාව අත්අඩංගුවට පත් වූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ජනතා නියෝජිතයින් ඉදිරිපත්වේද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුය.

තෙල් සංස්ථා සේවක උද්ඝෝෂණයේ දී එම ස්ථානයට පැමිණි බාහිර පුද්ගලයින් කිහිප දෙනකු පොලු මුගුරු අතැතිව සංස්ථා සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බව කියමින් එහි සේවකයින් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.