කෝටි සියයක්‌ වන්දි ඉල්ලා පාඨලී වසන්තට නඩු දමයි……………….

wasantha&champikaදූෂණ මර්දන විරෝධී ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක්‌ අයකර දෙන ලෙස ඉල්ලා බස්‌නාහිර මහ නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ඊයේ (04 දා) ගොනු කළේය.

විත්තිකාර වසන්ත සමරසිංහ මහතා සමග කළ සාකච්ඡාවක්‌ ඇසුරෙන් සකස්‌ කළ ප්‍රවෘත්තියක්‌ 2016 ජුලි 16 වැනිදා පුවත්පතක පළවී තිබූ බවත් එකී ප්‍රවෘත්තිය නිසා තමාගේ කීර්තිනාමයට විශාල හානියක්‌ සිදුවූ බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා සිය පැමිණිල්ල මගින් දිසා අධිකරණයට දන්වා තිබුණි. එම පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයා හා එම සම්මුඛ සාකච්ඡාව පුවත්පතට සැපයූ මාධ්‍යවේදිනිය එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කොට තිබුණි.

(දිවයින)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.