කෝටි සීයේ සුපිරි බද්ද පලිගැනීමක්ද?

 

colomboddd-1

 

 

අතුරු අයවැය ප්‍රකාශයට පත් වීමත් සමඟම ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පළ අවපාතයකට ලක් වී ඇති හෙයින් ආණ්ඩුව දෙවරක් තම ප්‍රවේශය ගැන සිතා බැලිය යුතු බව ඇතැම්  විචාරකයින් පෙන්වා දෙති

සුපිරි ලාබ ලබන ව්‍යාපාරවලට කෝටි සීයක බද්දක් නියම කරීමත් සමගම ජෝන් කීල්ස් සමාගමේ රුපියල් 240.00 කට තිබු කොටසක් රුපියල් 200.00 දක්වා පහත වැටී ඇත.

මේ පිළබඳව ගැඹුරු ලෙස කල්පනාකර බලන්නේ නම් කලබල වීමට හේතුවක්  නැත.

පළමුකොට සීමිත සමාගම් කීපයක් ලාභ ලැබුවේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබා ගනිමිනි. එහෙයින් බදු ක්‍රමය තුලින් එම වරද නිවැරදි කර ගැනීමට කටයුතු කිරීමේ වරදක් නැත.

දෙවනුව මෙම සමාගම් වලට පසුගිය කාලයේදී කොටස් වෙළඳපල දුෂණයට සහ කප්පම් ගෙවීමට සිදුවූ බව රහසක් නොවේ.

මේ දුෂිත  තත්වයන් ඉවත් කොට සම බිමක්  පිහිටුවීමට පැරණි ක්‍රමය නිවැරදි කල් යුතු වන අතර අළුතින් දුෂණ අඩු වාතාවරණයක් ඇති වුවහොත් එහි දිගු කාලීන වාසිය මෙම සමාගම් වලට හිමිවේ.

කෙසේ වෙතත් මෙම ‘දුෂණය අඩු’ වාතාවරණය ඉබේ ඇති වෙන්නේ නැත. ඒ සඳහා  පැරණි දුෂණ හෙළිදරව් කළ යුතුව ඇති අතර යළිත් එවැනි  තත්වයක් ඇති නොවීම සඳහා නියාමනයන් සහ නීතී පැනවිය යුතුය.

gdgdg

නව රජය භාර ගත්තේ ‘එතරම් හොඳ තත්වයක තිබෙන භාණ්ඩාගාරයක්’ නොවන හෙයින් සහ රාජ්‍ය ආයතන අතිශයින් ම පාඩු ලබන  හෙයින් සුපිරි බදු අය කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව තවත්  අය පෙන්වා දෙති.

මේ තර්කයේ අනෙක් පැත්ත නම් සල්ලි  දෙනවා නම් ඕනෑම දෙයක් කරන්නට ඉඩදී උඩ බලාගෙන සිටිය යුතුය  යන්නයි.

එවැනි ප්‍රවේශයක අදීනව ගැන වැඩි විස්තර වලට යා යුතුව නැත.මහින්ද  රාජපක්ෂ මහතා ගේ ප්ර්කය ඒ ගැන බොහෝ පාඩම් කියා දී ඇත.

ආණ්ඩුවේ මේ බදු  ගැසීමෙන් සිදුවන්නේ සාධාරණ වෙළෙඳාම  සුදුසු වාතාවරණය සැකසීමයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අනුග්‍රහය දැක්වීම නිසා පලිගැනීමේ චේතනාවෙන් සුපිරි ලාබ ලබන ව්‍යාපාර සඳහා කෝටි සියයේ බද්ද නියම කර ඇති බව ගෙන් යන ප්‍රචාරය පරාජය කිරීම ආණ්ඩුවේ වගකීමකි.

ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ජාත්‍යාන්තර හුදෙකලාවෙන් මිදෙන අතර එහි වැඩිම වාසිය ලැබෙන්නේ මේ සුපිරි සමාගම් වලට බව විචාරකයින්  පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.