කෝප් වාර්තාවේ පිටපත් ලීක් වෙලා………..

cope-sunil-handunneththiමහ බැංකුවේ බඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ කෝප් කමිටු රැස්වීම උණුසුම් තත්ත්වයක් ගැනීමෙන් අනතුරුව එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති සභාවෙන් නැගිට ගොස් ඇත. ඔහු විරෝධය පලකොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් කණ්ඩායම විසින් ඉදිරිපත් කල විකල්ප වාර්තාව තුල මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කල වාර්තාව නිවැරදි නොවන බව කියන සඳහනට තමන්ට එකඟ විය නොහැකි බව කියමින්ය. මේ උණුසුම් තත්ත්වය පවතිද්දී දැනට තිබෙන කෝප් වාර්තාවේ පිටපත්යැයි කියන ලිපි ලේඛන ඇතැම් ජනමාධ්‍ය වෙත නිකුත් වී ඇත. colombo telegraph වෙබ් අඩවිය පවසන පරිදි මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී තිබෙන අතර සිදුවූ පාඩුව අයකර ගැනීමට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට නිර්දේශ කොට ඇත. දැන් පවතින තත්ත්වය අනුව කෝප් වාර්තාව බහුතර සම්මුතියකින් යුතුව ඉදිරිපත් කෙරෙන්නේද යන්න පිළිබඳ තීරණාත්මක ඡන්දය දීමට ඇත්තේ දෙමළ ජාතික සංධානයටයි. එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සංධානයේ සහයෝගය ලබා ගැනීමට උත්සාහ කරන බවට වාර්තා වේ. මේ අතර වාරයේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට අද දවසේ ඉදිරිපත් වේද නැද්ද යන්න පිළිබඳව තාමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!