කෝප් වාර්තා වාරණය අහකට

Central_Bank_of_Sri_Lanka_logoමහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබේ.

කෝප් අතුරු වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්‍රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් පසුගියදා කළ ඉල්ලීමකට අනූව අද දක්වා බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණ.

කෙසේ වෙතත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ඊයේ පවසා තිබුණේ අදාළ වාරණ නියෝගය ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනූව පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා විසින්ම එය අද (23) ඉල්ලා අස්කර ගත් අතර වග උත්තරකාර පාර්ශව වලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කර ඇතැයි සඳහන්ය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.