ඛනිජ තෙල් අඛණ්ඩ වැඩ වර්ජනය පෙරට

petrol bowserඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛනිජතෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ඊයේ (25) පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇත. ඒ අනුව තම ඉල්ලීම් ලැබෙනතුරු ඛනිජ තෙල් වර්ජනය අඛණ්ඩව ඉදිරිට ගෙනයන බවත් ඒකාබද්ධ වෘත්තීය සටනක් සඳහා සියළුම සහෝදර වෘත්තීය සමිතිවලට තමන් ආරාධනා කර සිටින බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කර සිටියේ ය.

චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට වරායේ තෙල්ටැංකි සංකීර්ණයේ තෙල් පහසුකම් අංශය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම මෙන්ම සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කර යළි පිරිපහදු කටයුතු ආරම්භ කිරීම යන ඉල්ලීම් තුන මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළේ ය.

 

චීන සමාගමට බදු දීම

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සඳහා ඉදිරිපත් කෙරුණු කැබිනට් යෝජනාවට අද (25) කැබිනට් අනුමැතිය හිමිවූ බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

වරායේ පරිපාලනමය මෙහෙයුම් කටයුතුවල වැඩි පංගුව ශ්‍රී ලංකා පාර්ශවයටත් එහි වාණිජමය මෙහෙයුම් කටයුතුවල බහුතර කොටස් චීන සමාගමටත් හිමිවන පරිදි අදාළ සිවිසුම සකස් වී ඇති බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.