ගංජාවෙන් නම කැළැල්වූ මහ ඇමති

රියෑදුරු කළ ක්‍රියාව මගේ දේශපාලනයට කැළලක්‌

සබරගමුව මහඇමැති

තම රියෑදුරු ගංජා සමග සුරාබදු නිල ධාරීන්ගේ අත් අඩංගුවට පත් වීමෙන් සිය දේශපාලන ජීවි තයට විශාල කැළලක්‌ සිදුවූ බව සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා පවසයි.

මෙම රියෑදුරු වසර දහයකට අධික කාලයක්‌ තමා ළඟ සේවය කරන අතර ඔහුගේ පියාද වසර 40 ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ මෙහි සේවය කරන බවද මහ ඇමැතිවරයා පැවැසීය.

මෙම සිද්ධිය මුල්කරගෙන ඇතැම් මාධ්‍ය දැනටමත් තමාට මඩ ගසා ඇති බවත් මහීපාල හේරත් මහතාගේ රියෑදුරුට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පුළුල් පරීක්‌ෂණ පවත්වා සිද්ධියේ සුලමුල හෙළි කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද කීවේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.