ගංවතුරෙන් පීඩාවට පත්වූවන් බැලීමට සල්මන්’ – ඩලස්

‘සල්මන් ඛාන් ආවේ ගංවතුර බලන්න’ – ඩලස්

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් දිවයිනට පැමිණ සිටින්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන වෙනුවෙන් නොවන බවත්, ඔහු පැමිණ සිටින්නේ ගංවතුරෙන් විපතට පත්වූවන් පිළිබඳව සෙයා බැලීමට බවත්  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (30දා) සන්ධාන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම එබව සඳහන් කළේය.

එසේම කළාකරුවන්ට පහරදීම හෙළා දකින බවත් නිල් බලකායේ ටී-ෂර්ට් ඇඳ සිටියාට ඔවුන් නිල් බලකායේ සාමාජිකයන් විය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මේ සම්න්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර කියා සිටීයේ රඟපෑමෙන් රට පාලනය කල මහින්ද රාජපක්ෂ ගේ රංගනයට දායක වීමට පැමිණි මේ නළුවන් ලැජ්ජාවට

පත් විය යුතු බවයි.

 

[vsw id=”/9u2w6lyQO8I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.