ගම්පහ සන්ධාන ලැයිස්තුව අවලංගුවෙයිද?

 

downloadjohn333

 

 

එළැඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් අතර අධිකරණයෙන් දඩුවම් හිමි වූ පුද්ගලයෙකු ද සිටින බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

එම දිස්ත්‍රික්කය තුළ චෝදනා සහිත අපේක්ෂකයින් කිහිප දෙනෙකු ම සිටින අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒ නිසා  එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව අවලංගු කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසී ය.

මැතිවරණ නීතිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවම අවලංගු විය යුතු බවත් නම් දරාගත් කුඩු ව්‍යාපාරිකයෙකුද සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.