ගම්පළ පැහැර ගැනීම්

gampola kidnappingආයුද සන්නද්ධව වාහනවලින් පැමිණි කණ්ඩායම් දෙකක් ගම්‍පොළ ‍පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පෙරේදා (25) රාත්‍රී 27 හැවිරිදි හා 40 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි ඔවුන්ගේ ඥාතීහු පොලීසිවලට පැමිණිලි කර තිබේ.

මෙයින් එක් අයකු ගම්‍පොළ පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේදී සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සුදු පැහැති කැබ් රථයකින් පැමිණ පැහැරගෙන ගියැයි ගලහා ‍පොලීසිය වෙත ඔහුගේ බිරිඳ වන සුධර්මා ගලප්පත්ති පැමිණිල්ලක් සිදුකොට ඇති අතර පුද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු වන 27 හැවිරිදි ඕෂධ පියුමංග ජයසූරිය නමැති අය ගම්‍පොළලංගම බස් නැවතුමේදී පැහැරගෙන ගිය බව ගම්‍පොළ ‍පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇත.

අවිවාහකයකු වන මොහු නිල් පැහැති වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පැහැරගෙන ගොස් තිබේ.

මොවුන් දෙදෙනා එකම ප්‍රදේශයේ අයවලුන් වන අතර රජතලාව හා පන්විලතැන්න යන ගම්මානවල කිලෝමීටර් 2ක පමණ දුරකින් නිවෙස් පිහිටා ඇත.

abductionsපැහැරගත් සාමිල්‍ලේ ගෙදර රත්නායක නමැති 40 හැවිරිදි තිදරු පියකු වන මොහු ඥාති සොහොයුරකු සමග නිවසේ මිදු‍ලේ සිටියදී එදින රාත්‍රී 08.00ට පමණ පැහැරගෙන ගොස් ඇති බව සිදුකළ පැමිණිල්‍ලේ දැක්වේ.

වෘත්තියෙන් ස්වයං රැකියාවල නිරත මොහු පැහැර ගැනීම සඳහා තිදෙනකු නිවසට පැමිණි බවත් එයින් දෙදෙනකු අතේ ගිනි අවි තිබූ බවත් අනෙකා රත්නායකගේ කමිස කොලරයෙන් අල්ලා අපි ‍පොලීසියෙන් කටඋත්තරයක් ගන්න තියෙනවා යමන් අපෙන් එක්ක කියා රැගෙන ගිය බවත් එම සිදුවීම දුටු සාමිල්‍ලේ ගෙරද නිශාන්ත උදය කුමාර පවසයි.

තව අයකු කැබ් රථය අසල යමක් අතේ තියාගෙන සිටි බව පවසන මොහු මේ බව නිවස තුළ සිටි රත්නායකගේ බිරිඳට පැවැසීමට යන විට එම කැබ් රථය රත්නායකද රැගෙන වේගයෙන් පලා ගිය බව ඔහු සඳහන් කරයි.

පැහැරගත් ඕෂධ ගම්‍පොල නුවර පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කොට යළි නිවසට ඒමේදී ගම්‍පොල සිට පුපුරැසස දක්වා පැමිණීමට නියමිත රාත්‍රී අවසන් බසය සඳහා පැමිණ සිටියදී රාත්‍රී 8.25ට පමණ ‍පොලිස් ඇඳුම් ඇඳගත් කණ්ඩායමක් මොහු නිල්පාට වෑන් රථයට බලහත්කාරයෙන් නංවා පලා ගොස් තිබේ.

දිවයිනේ ‍පොලිස් ස්ථාන ගණනාවකින් සොයා බැලීම් සිදුකර ඇතත් එවැනි පුද්ගලයකු රැගෙන ආවේ යැයි අනාවරණය වී නැත.

පුපුරැස්ස රජතලාව ප්‍රදේශයට ගම්‍පොල නගරයේ සිට කිලෝමීටර් 17ක් පමණ ඇති අතර පැහැරගත් රත්නායකගේ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් පුපුරැස්ස ‍පොලීසිය මගින් අරඹා තිබුණි.

පැහැර ගැනීමෙන් පැය 5කට පමණ පසු එම ස්ථනයට පැමිණි පරීක්ෂණයට අදාළ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්දන නිශාන්ත මහතා මුලින්ම සිදුකළේ ජීප් රථයෙන්වත් නොබැස මාධ්‍යවේදීන්ට බැණ වැදී ඔවුන් පන්නා දැමීමට කටයුතු කිරීමයි.

මේ පිළිබඳව ගලහ ‍පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී ඔහු දොස් නගමින් ඡායාරූප හා වීඩියෝ ගැනීමට නොහැකි ලෙස කැමරා කාචවලට විදුලි පන්දම දල්වා අල්ලාගෙන සිටි අතර සිද්ධියට එතන රැස්වූ ප්‍රදේශයේ තරුණයන් විරෝධය දක්වා ප්‍රකාශ කර සිටියේ අපට අපේ නැති වුණ කෙනා හොයාගන්න මාධ්‍යවේදීන්ගේ සහය අවශ්‍ය වන බවයි.

එහෙනම් උන්ට කියා පරීක්ෂණ කර ගනිල්ලා කිවූ ‍පොලිස් ස්ථානාධිපති නිශාන්ත මහතා කැමරාවලට විදුලි පන්දම් එල්ල කරගෙන ඉදිරියට ගොස් නැවත හරවා නැවතත් විදුලි පන්දම දල්වා කැමරාවලට එල්ල කොට පුපුරැස්ස ‍පොලිස් ස්ථානාධිපති මනෝරංජන මහතාද රැගෙන එම ස්ථානයෙන් ඉවත් වීය.

මෙම පැහැර ගැනීම පිළිබඳව මධ්‍යම පළාත් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් ජයසිංහ, ගම්‍පොල කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි ජගත් ඥානසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්‍පොල ‍පොලිස් ස්ථානාධිපති ප්‍ර.‍පො.ප. උපාලි යාපා, පුපුරැස්ස ‍පොලිස් ස්ථානාධිපති ‍පො.ප. මනෝරංජන යන මහත්වරුන්ගෙන් සමන්විත ‍පොලිස් කණ්ඩායම් 2ක් පරීක්ෂණ සඳහා යොදවා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!