ගල් අඟුරු මගඩියේ වාර්තාව සති දෙකකින් කෝප් කමිටුවට

Norochchole 1-1කෝප් කමිටුවේ ඉල්ලීමක් මත කෙරෙන නොරොච්චෝල තාප විදුලි බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තාව ඉදිරි දෙසතිය තුළ කෝප් කමිටුව හමුවට ඉදිරිපත් කරන බව විගණකාධිපති ගාමිණි විඡේසිංහ  කියයි.

මේ අතර නොරොච්චෝල විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගත් ක්‍රමවේදය සොයා බැලීමට පත් කළ මහාචාර්ය කේ. කේ. වයි. ඩබ්ලිව්. පෙරේරා, මහාචාර්ය ලක්‍ෂමන් ආර්. වටවල, මහාචාර්ය ජනක බී. ඒකනායක ඇතුළත් ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පසුගිය සදුදා ( 01) විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියට භාර දී ඇත. ලබන සතියේ බ්‍රහස්‌පතින්දා ( 11) එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේම මාධ්‍ය වෙතද එහි අඩංගු කරුණු සියල්ල ලබා දීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.