ගලේවෙල අබු ගැන හොයන්න-රනිල්

ශ්‍රී ලාංකික අයිඑස්‌ සාමාජිකයාගේ පවුලේ අය ගැන පරීක්‍ෂා කරන්න අගමැති පොලිසියට උපදෙස්‌ දුන්නා
– ඇමැති රාජිත කියයි

abu

සිරියාවට එරෙහිව යුද වදිමින් සිටියදී ගුවන් ප්‍රහාරයකින් මියගිය අයි.එස්‌. ත්‍රස්‌ත සාමාජිකයකු යෑයි සැකකරන ගලේවෙල අබු ෂුරෙයි සෙයිලාන් (37) නමැත්තාගේ පවුලේ සාමාජිකයන්ද අත්අඩංගුවට ගෙන  පරීක්‍ෂණ පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට උපදෙස්‌ දී ඇතැයි කැබිනට්‌ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මියගිය පුද්ගලයා අයි.එස්‌. සටන්කාමියකු බවට එල්ලවන චෝදනාව අවතක්‌සේරු කළ නොහැකි නිසා අගමැතිවරයා මෙම පියවර ගෙන ඇති බවද සේනාරත්න මහතා සඳහන් කළේය.

ගුවන් ප්‍රහාරයෙන් මියගොස්‌ සිටින සෙයිලාන් නමැත්තාට සමීප ශ්‍රී ලාංකික හිතවතුන්ගේ කටයුතු ගැනද පොලිසිය තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරගෙන යන බව ඊයේ (23 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.