ග්ලයිෆොසෙට්‌ තහනම තේ වගාව විනාශ කරනවා – නවීන් දිසානායක ගෙන් රාජිතට දොස්

Naveen Dissanayakeවැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක ට පසු ගිය කැබිනට් රැස්වීමකදී ප්‍රබල අභියෝගයක් එල්ල විය. නිමිත්ත වුයේ තේ වගාවට යොදන ග්ලයිෆොසෙට්‌ වල් නාශකය මෙරටට ගෙන්වීම තහනම් කිරීමයි.

 

මේ පියසේන දිසානයක සහ නවීන් දිසානායක අතර ඇති වූ සවාදයයි.

ප්‍රශ්නය -ප්‍රශ්නය – ග්ලයිෆොසෙට්‌ වල් නාශකය මෙරටට ගෙන්වීම ජනාධිපතිවරයා විසින් තහනම් කළා. නමුත් එය නැවත ගෙන්වීමට ඔබ විශාල උත්සහයක නිරතව සිටිනවා. මොකක්‌ද මේ හදිසි අවශ්‍යතාවය…?

පිළිතුර – ග්ලයිෆොසෙට්‌ කියන්නේ බ්‍රෑන්ඩ් නාමයක්‌ පමණයි. මේ වල් නාශකය සෞඛ්‍යයට අහිතකර බවට විවිධ ප්‍රචාර දියත් වෙනවා. නමුත් මේ මතය තවම සියයට සියයක්‌ම ඔප්පු වී නැහැ.

ප්‍රශ්නය – එහෙම නම් මේ ග්ලයිෆොසෙට්‌ ලංකාවට ගෙන්වීම තහනම් කළේ ඇයි…?

පිළිතුර – ග්ලයිෆොසෙට්‌ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම සංකීර්ණ එකක්‌ නොවෙයි. නමුත් මේ සඳහා පනවා ඇති තහනම ගැන මගේ පූර්ණ එකඟත්වය අදටත් එලෙසින්ම තිබෙනවා.

ග්ලයිෆොසෙට්‌ පිළිකාවලට තුඩුදෙන දෙයක්‌ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එවැනි වර්ග විස්‌සක්‌ (20) පමණ හඳුන්වා දී තිබෙනවා. ඊට රතුමස්‌ අයත් වෙනවා. බොහෝ දෙනෙක්‌ මේ රතුමස්‌ හරක්‌ මස්‌ ආහාරයට ගන්නවා. මේ තත්ත්වය මත ග්ලයිෆොසෙට්‌ වලින්ම පමණක්‌ පිළිකා, වකුගඩු රෝග ඇතිවන බව අපි කොහොමද කියන්නේ…

මේ රටේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් වතු සමාගම්වලින් මට දිගින් දිගටම පැමිණිලි ලැබුණා. ග්ලයිෆොසෙට්‌ ගෙන්වීම එකවර නතර කිරීම නිසා තේ නිෂ්පාදනයට දැඩිව බලපෑම් එල්ල වුණා. කුඩා තේවතු තිබෙන අයට මිනිස්‌ ශ්‍රමයෙන් වල් විනාශ කළ හැකියි. නමුත් අක්‌කර 1000 – 2000 තිබෙන සමාගම් මොනවද කරන්නේ. ඒ අයට විකල්පයක්‌ නෑ. එහෙම වුණොත් තේ වගාව විනාශ වෙනවා. රැකියා අහිමි වෙනවා. රටට ලැබෙන ආදායම අහිමි වෙනවා. ක්‍රමානුකූලව නතර කළ යුතුයි. ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක්‌ සමඟ දිගුකාලීන සැලසුමකට අපි ගමන් කළ යුතුයි. ග්ලයිෆොසෙට්‌ තහනම් කළාට පසු වඩාත්ම විෂ සහිත බාල නිෂ්පාදනවලට පෙළඹිලා තිබෙනවා. එය ප්‍රමිති ගතකළ මත්පැන් තහනම් කර කසිප්පුවලට ඉඩ දුන්නා වගේ වැඩක්‌.

ප්‍රශ්නය – ඇමැතිතුමනි, මේ ග්ලයිෆොසෙට්‌ වල් නාශකය වගාවට යෙදුවාම කෘමිසතුන් සියල්ලම විනාශ වෙනවා සේම ඔබ කියන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙය පිළිකා කාරකයක්‌ ලෙස නම්කර තිබෙනවා නම් අපි කඩිනමින් විකල්පයකට නොගොස්‌ දැන දැනත් විනාශය කරා ගමන් කරන්නේ ඇයි?

පිළිතුර – ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයක්‌ පමණයි. නමුත් තවම ඔප්පුවී නැහැ. කඳුකරයේ වතුවලට යොදන ග්ලයිෆොසෙට්‌ පහළට ගලාගෙන ගොස්‌ කාලයකට පසු වකුගඩු රෝග හා පිළිකා හැදෙන බවට ප්‍රචාරයක්‌ දියත් වෙනවා. ඒක එක්‌තරා පිරිසක මතයක්‌ පමණයි. තවම සත්‍ය ලෙසම එය ඔප්පු කරගෙන නැහැ.

මේ රටට පොහොර ගෙන්වීමත් නතර කරලා ඕගනික්‌ කෘෂිකර්මාන්තයට ගමන් කළ යුතු බව මගේ මතයයි. ඉතින් මෙය පැය 24 න් අපිට කරන්න බැහැ. මේ නිසා සැබෑ තත්ත්වය අපි තේරුම් ගෙන විද්‍යානුකූලව බලලා තීරණවලට එළඹිය යුතුයි. වසරකට ග්ලයිෆොසෙට්‌ ලීටර් මිලියන 4.2 ගෙන්වා තිබෙනවා. මේ ප්‍රමාණය ලීටර් ලක්‍ෂ 6 ක්‌ හෝ 8 ක්‌ වැනි ප්‍රමාණයකට අඩුකළ හැකි බව මා පෙන්වා දී තිබෙනවා. මෙය වසර හතරක්‌ පහක්‌ යන විට ක්‍රමානුකූලව අඩුකර විකල්ප ක්‍රමවේදයකට ගමන් කළ හැකියි. ඒ අනුව තමා ඊට අදාළ කැබිනට්‌ පත්‍රිකාව මා ඉදිරිපත් කළේ. එයට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා විරුද්ධ වුණා. ඒ ගැන මා කනගාටු වෙනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.