ගාල්ලේ ටී-56 ,- සතොසේ මීයෝ- දෙමටගොඩින් එතනෝල්

Weapons

 

ගාල්ල වරායේ නැංගුරම්ලා ඇති නැවක තිබී ඊයේ (18 දා) හමු වූ අවි ආයුධ සහිත කන්ටේනර් හතක්‌ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

 

වරාය සමීපයේ ගාල්ල මුහුදේ පවත්වාගෙන යන පාවෙන අවි ගබඩාවක්‌ පිළිබඳව ද පොලිසියේ අවධානය යොමුවී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා  කියා සිටී.

සැකකටයුතු කන්ටේනර් තුළ ටී 56 ගිනි අවි, මැෂින් තුවක්‌කු, 84 එස්‌ වර්ගයේ රයෆල් වැනි ආයුධ තොගයක්‌ සහ ස්‌වයංක්‍රීය හා අර්ධ ස්‌වයංක්‍රීය ගිනි අවි 3000 කට ආසන්න ප්‍රමාණයක්‌ ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඊට අමතරව වෙඩි නොවදින ආරක්‍ෂක කබා (බොඩි ආමර්), ආරක්‍ෂක අංශ පළඳින හෙල්මට්‌, ජීව උණ්‌ඩ සහ අධි තාක්‍ෂණික සන්නිවේදන උපකරණ තොගයක්‌ ඇති බවට සැක කෙරෙන බව ද රේගු ප්‍රකාශකයෙක්‌ “පැවසීය.

 

 

[vsw id=”/BenqNHNleRw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

ethanol-bottle

 

 

 මත්පැන් කන්ටේනරයක්

පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකුට අයත් බව කියන මත්පැන් කන්ටේනරයක් හා ලොරි දෙකක් අනවසරයෙන් ගබඩා කළ බව කියන ස්ථානයක් දෙමටගොඩ ප්‍රදේශයේදී වැටලූ පොලිසිය ගොඩනැගිල්ල හිමිකරු ඇතුළු 8 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මත්පැන් විවිධ ප්‍රමාණයේ බෝතලද මත්පැන් නිෂ්පාදනයට ගන්නා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය සහ ලේබල ඇතුළු උපකරණ රැසකට සීල් තැබූ බව පොලීසිය සඳහන් කළේය.

මෙම ගබඩාව හිටපු ඇමැතිගේ ළඟම මිතුරෙකුගෙන් කුලියට ගෙන ඇතැයිද එහෙත් එහි මත්පැන් ගබඩා කිරීමට අවසර ගෙන නොමැති බවත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවත් පොලීසිය පවසයි.

 

wotch-1-copy්්්්

මහින්ද- නාමල් ඔරලෝසු 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ රුව ඇතුළත් බිත්ති ඔරලෝසු 68,000 ක්‌  සපුගස්‌කන්ද පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මාබිම ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

සපුගස්‌කන්ද, හෙයියන්තුඩුව, මාබිම ප්‍රදේශයේ ගබඩාවක සැකකටයුතු ද්‍රව්‍ය තොගයක්‌ සඟවා ඇති බවට සපුගස්‌කන්ද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක්‌ මත ඔහු විසින් මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත ගබඩාව සෝදිසි  කිරිමෙදී  මේ ඔර්ලෝසු හොයාගෙන ඇත.

cwc

සතොස සීල්

සතොස සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව ආහාර සුරක්ෂිතා පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පවසයි.

අදාළ ලිපි ගොනු විනාශ කිරීමට ඉඩ ඇති හෙයින්  කඩිනමින් සතොස ප්‍රධාන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට මුද්‍රා තබන ලෙස අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පොලීසියට දන්වා තිබේ.

හිටපු අගමැතිගේ පුත්‍රයාට  රටින් පිටවීම තහනම්

හිටපු අග්‍රාමාත්‍ය පුත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතාටද ගම්පොල නගර සභා මන්ත්‍රීවරයකුට, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට හා ප්‍රභූ ආරක්‍ෂක නිලධාරියෙකුට මෙරටින් පිටවීම තහනම් කරමින් ගම්පොල මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා (16 වැනිදා) නියෝගයක්‌ නිකුත් කොට ඇත.

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ගම්පොල නගරයේ ඉදිකර තිබූ පක්‍ෂ කාර්යාලයකට පහරදී අලාභ හානි කිරීම, අයුතු ඇතුළුවීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට අවශ්‍යව ඇති මෙම පිරිස මෙතෙක්‌ අධිකරණය වෙත ඉදිරිපත් නොවීම පිළිබඳව ගම්පොල පොලිසිය අධිකරණයට කරුණු දැක්‌වීම මත මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉකුත් දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේදී ඩිෙµන්ඩර් ඇතුළු වාහන 7 කින් 20 කට අධික පිරිසක්‌ පැමිණ ගම්පොල නුවර පාරේ පිහිටි මෙම කාර්යාලයට පහරදී ගිනි තැබීමට උත්සාහ දරා ඇති බවට ගම්පොල පොලිසිය පැමිණිලි ගොනු කොට ඇත.රී මුර සංචාරයේ යෙදී සිටි උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු සහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකු මෙම ක්‍රියාව වැළැක්‌වීමට උත්සාහ ගත් අවස්‌ථාවේ එම පොලිස්‌ නිලධාරීන්ටද බැණ වැදී අහසට වෙඩි තබා බිය වද්දා ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

ගම්පොල පක්‍ෂ කාර්යාලයේ තිබු රුපියල් 40,000 ක්‌ වටිනා පුවරුව විනාශ කොට ඇති බවටද ගම්පොල එජාප සම සංවිධායක සමන්ත අරුණ කුමාර මහතා විසින් ගම්පොල

පොලිසියට පැමිණිලි කොට ඇත.

 

 

images (39)

පිළියන්දලින් ලැම්බෝගිනි

පිළියන්දල නිවසකින් සුඛෝපභෝගී ලැම්බෝගිනි රථයක් සොයාගත් බව පිළියන්දල පොලිිසිය පවසයි.

මෙම රිය ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ආරක්ෂාව සඳහා එහි ගෙන ආ බව පෙනේ යැයි ද පොලිසිය සැක පහල කරයි. රියේ හිමිකරු ප්‍රබලයකුගේ පුතකු විය හැකිබවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.මෙම රථයක වටිනාකම අවම වශයෙන් රුපියල් ලක්ෂ 700  බව පැවසේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.