ගැබිනි කතට ලිංගික අතවර කිරීමට ගිය ගුවන් නිලධාරියට ඇප

pregnantඒකල ගුවන් හමුදා කඳවුර මායිමේ පිහිටි නිවසකට නිල ඇඳුමෙන් සැරසී බලෙන් ඇතුළු වී එහි නාන කාමරයේ ස්‌නානය කරමින් සිටි විවාහක ගැබිනි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ ගුවන් හමුදා පියාසර නිලධාරියකුට තරයේ අවවාද කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා එම සැකකරු රු. 5000 ක මුදල් ඇප සහ රුපියල් 25,000 බැගින් ශරීර ඇප මත මුදා හැරීමට 25 දා නියෝග කළේය.

ජා-ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ඇප නියමවූ සැකකරු වූයේ හෝමාගම ගැමුණු මාවතේ අංක 710/සී පදිංචි ගුවන් හමුදා පියාසර නිලධාරියකු වන ඇනස්‌ලි රොඩ්නි සිල්වා (30) නමැත්තෙකි. එම සැකකරුට එරෙහිව ජා-ඇල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක රංජිත් ප්‍රේමසිරි සහ එහි සැරයන් (3550) පෙරේරා යන මහත්වරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව පැමිණිලිකාරිය ජා-ඇල කොටුගොඩ නිවාසිපුර ප්‍රදේශයේ පදිංචි එක්‌ දරු මවකි. ඇය දැන් ගැබිනියක්‌. මෙම සිද්ධිය වූ දින උදේ එම කාන්තාවගේ විවාහක සැමියා ඔහුගේ කුඩා පුතු සමඟ කිරිබත්ගොඩ දන්ත සායනයකට ගොස්‌ ඇත.

එම අවස්‌ථාවේ නිවසේ සිට ඇත්තේ අතවරයට පත් එක්‌දරු ගැබිනියයි. ඇය නාන කාමරය ආවරණය කරගෙන ස්‌නානය කරද්දී නාන කාමරය විවෘත කළ ගුවන් හමුදා නිල ඇඳුම් ඇඳගත් සැකකරු ඇගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර සිදුකර ඇත. පසුව එම කත උපකාර ඉල්ලා කෑගසද්දී එහි එක්‌වූ අසල්වාසි පිරිසටද සැකකරු විසින් බැණ තර්ජනය කර එලවා ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.

පසුව සැකකරු ඒකල ගුවන් හමුදා කඳවුර වෙත සිය නිල මෝටර් රථයෙන් පිටත්ව ගොස්‌ ඇත.  ඇගේ සැමියා පැමිණ වහාම එම තර්ජනය දුටු අසල්වාසීන් සමඟ ජා-ඇල පොලිසියට පැමිණිලි කර ඇත. එහිදී සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබූ දර්ශන සහ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් භාරයට පමුණුවා තිබිණ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.