ගැසට්‌ නිවේදනයෙන් අප්‍රේල් පොහොය වෙසක් පොහොය ලෙස නම් කරලා

poyaරජය විසින් ලබන වසර (2018) සඳහා රජයේ නිවාඩු දින දන්වමින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට්‌ නිවේදනය මගින් 2018 අප්‍රේල් 29 වැනිදාට යෙදෙනෙ පොහොය වෙසක්‌ පෝ දින ලෙස නම් කරමින් බරපතළ විකෘතිතාවක්‌ සිදුකර ඇතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

මෙලෙස බෞද්ධ ජනතාවගේ අති පූජනීය වෙසක්‌ පොහොය දිනය විකෘති කිරීම නිසා ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව මහත් අපහසුතාවට පත්වන බව පැවසු ඒ මහතා මෙම වරද නිවැරදි කිරීම සඳහා මැදිහත්වන ලෙස ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන්ගෙන් සහ ජනාධිපති, අගමැති, ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව පවසා ඇත .

රජයේ නිවාඩු දින දක්‌වමින් නිකුත් කර ඇති 2024/55 දරණ අති විශේෂ ගැසට්‌ නිවේදනය මගින් 2018 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සහ 31 වැනිදාට දී ඇති පොහොයවල් දෙක දුරුතු සහ නවම් පොහොය ලෙස නම් කර ඇතැයි පවසන මන්ත්‍රීවරයා මැයි මස 29 වැනිදාට යෙදී ඇති පොහොය අධි පොසොන් පොහොය ලෙස නම්කර ඇතැයිද ප්‍රකාශ කරයි.

ජනවාරි මාසයට යෙදී ඇති පොහොය දෙක දුරුතු සහ අධි දුරුතු පොහොය ලෙස සැලකීමෙන් ඉහත ගැටලුව විසඳෙන බවත් එසේ නොවුණහොත් ලබන වසරේදී ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වෙසක්‌ පොහොය සැමරීමට සිදුවන්නේ අප්‍රේල් මාසයේදී බවත් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පවසා සිටියි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.