ගිනිගත් ප්‍රාන්තයක චෞර රැජින

sasikalaදකුණු ඉන්දියානු දේශපාලන වේදිකාවට පණදෙන්නට ඉදිරියට පැමිණ ඇත්තේ අමුතු චරිතයකි. ජයලලිතාගේ දකුණු අත මෙන් සිටි ශෂිකලා නටරාජන්ය. ඉන්දියානු මධ්‍යම රජය පවා අල්ලේ නැටවීමට තරම් බලයක් තිබූ රටේ ආර්ථික වර්ධනය සියයට 8ක් වෙද්දී ප්‍රාන්තයේ වර්ධනය සියයට 12 දක්වා ඉහළ දමාගත් තමිල්නාඩුවේ මහ පුටුවට දැන් අයිතිවාසිකම් කියන්නේ ඇයයි.

.බඩජාරී දේශපාලනයක යෙදුණු දේශපාලකයන් පිරිස අතරින් දෙවෙනි පෙළ නායකයකු මේතාක් බිහිව සිටියේ නැත. එසේ බිහිවන්නට ජයලලිතා ඉඩක් දුන්නේද නැත. ඇය සැමවිටම සිය අනුප්‍රාප්තිකයා ලෙස යොදාගත්තේ තමන්ගේ පදේට නටනා චරිතයක් වූ පන්නීර් සෙල්වම්ය. ජයලලිතා ඉදිරියේ පසඟ පිහිටුවා වැඳ ඇය නැති අවස්ථා දෙකකදීම මහ ඇමැති පුටුවේ බරට ඇය වෙනුවෙන් කරගැසූ ඔහුට ඇගෙන් හිස්ව සිය හිස මත පරණ පිනක් සේ කඩාවැටුණු මහ ඇමති පුටුවට අරක්ගන්නට හැකිවූයේ මාස කිහිපයකට පමණි. ජයලලිතාගේ ඡායාරෑපයක් සාක්කුවේ තබාගන සිටියද ඔහුට සිය දේවතාවියට අත්වූ ඉරණමම දැන් හිමිව තිබේ.

සසිකලා නටරාජන් නැමැති සූක්ෂම මෙහෙයුම්කාරිය ඔහුගෙන් මහ පුටුව උදුරාගෙන තිබේ. සසිකලාගේ ආගමනය තමිල්නාඩුව තුළ දැන් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. පන්නීර් සෙල්වම් පසුගිය 5 වැනිදා ඉල්ලා අස්විය.

ඇත්තෙන්ම සසිකලා සිහින දකින්නියකි ඇය රඟපෑෙව් චෞර රැජනකගේ භූමිකාවය. sasikala-1

ජයලලිතා මහ ඇමැතිනිය ලෙස ජනතාව විසින් පත්කරනු ලැබූ බව සැබෑවකි. නමුත්, ඇය මහ ඇමති පුටුවේ සිටියදී ප්‍රන්තයේ සියලු ගනුදෙනු රාජ්‍ය කටයුතු පවා තමන්ට සිතූ හැටියට මෙහෙයවන්නට තරම් සසිකලා සූක්ෂම වූවාය. මේ පිළිබඳ ඔත්තුව මුලින්ම ලබාදුන්ෙන් එවකට ගුජරාට මහඇමැතිව සිටි මෝදිය. ජයලලිතා ඝාතන තැතක් ඇති බවට කරුණු හෙළිදරව් කළේය ඔහුය. නමුත් සැබෑ ලෙසම බළලා මල්ලෙන් එළියට පනින්නේ මැලේසියා කොම්පැණියක් හා සමඟ පැවැති මොනෝ රේල් ව්‍යාපෘතියක් පිළිබඳ කාරණාවකදීය. එතැනදී ජයලලිතාගේ කැමැත්තද ඉක්මවා සසිකලා ජයලලිතාගේ අස්සන හොරට ගසා ඇතිබව එළිදරව් වීමත් සමඟ ඇයටත් ඇගේ මාෆියාවට අයත් ඥාතීන් 14 දෙනෙකුටත් එළියට බසින්නට සිදුවිය.

ඒ 2011 දෙසැම්බර් 17 දාය. ඒ වනවිටත් ජයලලිතාගේ සියලු වත්කම් තමන්ගේ හදාවඩාගත් පුත්‍රයා ලෙස නම්කර තිබූ සසිකලාගේ ඥාති පුත්‍රයා හටත් සසිකලාටත් හිමිවන්නට ජයලලිතා කටයුතු කර තිබුණි. ඇගේ පන්නා දැමීමෙන් පසු හොඳටම අසරණ වන මන්නාපූර් මාෆියාවේ පිරිසට නැවතත් ආධාරයට එන්නේ සසිකලාගේ සූක්ෂම මොළයයි. ජයලලිතාට එරෙහිව පැවැරුණු උපයාගත් හැටි අපැහැදිලි වත්කම් පිළිබඳ නඩු විභාගය පැටලීමත් සමඟිනි. එහි සැඟවුණු ප්‍රධාන චෝදකවරියගේ චරිතය සසිකලාය. ඇය ජයලලිතාට එරෙහි ප්‍රධාන සාක්කිකාරිය ලෙස නම් කැරුණු අනතුර පැවැති අතර, නඩුව කල් දැමීමට කටයුතුද සකස් කෙරේ. ඒ අතර සසිකලා නැවතත් ජයලලිතාට ළංවිය. ඒ 2012 මාර්තුවේදීය. ඉන්පසු වසර හතරක් ගතවීමටත් පෙර ජයලලිතාට සිදුවුෙය් මරු තුරුලට යාමටය. ඇය මියයන තුරුම දින 75ක කාලය තුළ සිදුවූ දේ අබිරහසකි. සසිකලා හා ඇගේ ඥාති මාෆියාව ජයලලිතාගේ අවසන් කටයුතු පවා මෙහෙයවූයේ AIADMK පක්ෂයේ හෝ ජයලලිතාගේ දැනට ජීවතුන් අතර සිටිනා ඥාතීන්හට හෝ ළඟටවත් කිට්ටුවන්නට නොදෙමිනි. ජයලලිතාගේ අවසන් කටයුතු නිමාවන්නටත් පෙර සසිකලා නටරාජන් පක්ෂයේ මහ පුටුවට අා අතර දැන් ඇය ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස බලය තහවුරු කරගන සිටියි.

එසේ වුවද ඉදිරි සතියේදී ජයලලිතා සම්බන්ධයෙන් වූ දූෂණ චෝදනා නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කිරීමට නියමිතය. එහිදී ජයලලිතා වැරදිකාරියක වුවහොත් ඇගේ සමීපතමයා මෙන්ම එම නඩුවේ චූදිතයකුද වන සසිකලාටද වසර 6ක සිර දඬුවමක් නියම වනු ඇත. එවිට ඇයට කිසිදු දේශපාලන නිලයක් දැරීමට නොහැකි වනු ඇත. ඒ අතර ප්‍රාන්ත රජය තුළ තමාට බහුතර පක්ෂපාතීත්වයක් ඇතැයි පෙන්වීමට පන්නීර් සෙල්වම් සමත් වුවහොත් ඔහුට මහ ඇමැති පදවිය හිමිවනු ඇත. නැතිනම් ඒ අවස්ථාව උදාවන්නේ සසිකලාටය. සසිකලාට එරෙහිව විපක්ෂය තුළින්ද විපක්ෂය වන DMK වෙතින්ද මධ්‍යම රජයෙන් සහ එය නියෝජනය කරන BJPය තුළින්ද ප්‍රබල විරෝධයක් එල්ල වී තිබේ. මේ නිසාම සසිකලාට සිදුවන්නේ ගිනිගත් ප්‍රාන්තයක චෞර රැජනක වීමට

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.