ගීතාගේ තැනක් යු ලබා ගත් සර් කවුද?

geetha-kumarasinghe-1පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපෑලේදී සිකුරාදා(12) ලබා දුන් වාරණ නියෝගය දීර්ඝ කරමින්, මෙම ඇපෑල විභාග කර අවසන්වනතුරු ඇයට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවන්නැයි 15 දා  ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීන්දු කළහ. එක් අයෙකු ඊට විරුද්ධ විය.

අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීම දීර්ඝ කිරීමට නියෝග කළ විනිසුරුවරුන් දෙදෙනා වූයේ උපාලි අබේරත්න සහ ඊවා වනසුන්දර ය. නීති විද්‍යාලයේදී මහින්ද රාජපක්ෂ සහ ඇය සම්බන්ධ පෙම් පුවත් ගැන කියමින් ඇයට අඬ ගසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරයක් දුන් බව පුවත්පත් වලට වරක් කියා සිටියේ ඊවා වනසුන්දර ය.

ගීතා වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥයන් පැවසුවේ ගීතාට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය හිමි වුනේ ඇය ඉල්ලා සිටීමෙන් නොව ඇය ස්විට්සර්ලන්ත ජාතිකයෙකු කසාද බැඳීම නිසා ඉබේ ලැබුණු එකක් බව එම තර්කයයි. එයින්ම ගීතා ස්විට්සර්ලන්ත පුරවැසියෙකු බව ඔප්පු වන අතර පුරවැසි භාවය ලැබුනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද යන්න මැතිවරණ නීතියේදී අදාල භාවයක් නැත.

පෙත්සම ඉදිරිපත් කර පසු වැඩ දිනයේම විභාගයට ගෙන ගැසට් නිවේදනය ගැසීමට පෙර තහනම් නියෝගයක් ලබා දීමට තරම් හදිසි වූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නඩුව යලි විභාගයට ගැනීම කල් දැම්මේ ලබන සැප්තැම්බර් 25 වෙනිදා තරම් ඈත දිනයකටය. මෙයද ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කරන ආකාරය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු කරන්නක් විය හැකිය.

ගීතාගේ නඩුවේ තීන්දු කවුරුන් විසින් ලබා දුන්නද එය පසුපස සිටින්නේ කව්දැයි හෙළිවන අපූරු සංවාදයක් පසුගිය නඩුවාරයේදී කැමරාවක සටහන් විය. පසුගිය නඩු තීන්දුවෙන් පසු ඇය ඒ කළ උදව්වට ස්තූතිය පළ කර සිටියේ කාටද?

ඒ අන් කිසිවෙකුට නොව xxxxxxx හෙවත් ගෝඩ් ෆාදර්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!