ගීතාන්ජනට පොකට් පාර

ශ්‍රී මහා බෝධියේ උඩ මළුවේදී මහින්දගේ ගෝලයෙක් ගිතාංජනගේ පර්ස් එකට විදලා

 

 

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප්‍රචාරක ‍රැළිය පැවැත් වුණු පසුගිය 17 වන දින එම ‍රැස්වීමට පෙර අනුරාධ පුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුද ගැනීමට ගිය අවස්ථාවේදී ගීතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය මහින්දවාදීයකු විසින් සොරාගෙන ඇති බව වාර්තාවේ.

මේ සිදුව ඇත්තේ උඩ මළුවේදීය. එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමඟ උඩ මළුවට ගොස් ඇත්තේ මැතිවරණ අපෙක්ෂකයන් හා ප්‍රභූන් කිහිප දෙනෙකු පමණි. ගුණවර්ධන මහතා තමාගේ මුදල් පසුම්බිය නොමැති බව දැන එය සොයා ඇති අතර එය පසුව පහළ වැලිමළුවේ තිබී හමු වූවත් එහි මුදල් කිසිවක් තිබි නොමැත.

එම නිසා තමා සමඟ උඩ මළුවට ගිය කිසිවකු විසින් තම පසුම්බිය සොරගෙන එහි මුදල් ‍රැගෙන පසුම්බිය විසි කර ඇති බවට ගුණවර්ධන මහතා සැක කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.