ගීතා ගේ මන්ත්‍රීකම ස්ටිරවම අහෝසි

geetha kumarasingheගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්ද පිලේ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් පසුගිය 03වනදා තීන්දු කරන ලදී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට හිමිකමක් නොමැත.

මෙලෙස ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් ඇමතිවරු හා මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නා බවත් මෙම අධිකරණ තීන්දුව මත ඔවුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බවත් නීතික්ෂේත්‍රයේ ප්‍රවිනයෝ පවසති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!