ගුණරත්නම් ආනයන කළ නළුවෙක් – ජනතා විමුක්ති පෙරමුණ

images (34)

 

ජනතා විමුක්‌ති පෙරමුණ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීම සඳහා රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන තිබෙන බව පෙරටුගාමී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (01 වැනිදා) “දිවයින”ට පැවසීය.
මෙම ගිවිසුම 2010 වසරේදී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්‌ව වත්මන් ආණ්‌ඩුව පෙරළීමට ඇතිකර ගත් අසාර්ථක ගිවිසුම හා සමාන බවද පැවසූ ඒ මහතා මෙවැනි අර්ධ ගිවිසුම් නිසා ජ.වි.පෙ. ක්‍රියාකාරී යාන්ත්‍රණය දැඩි කලකිරීමට ලක්‌ව ඇති බවත් මේ වන විට ජ.වි.පෙ. නායකත්වය දැඩි විවේචනයට ලක්‌ව ඇති බවත් පැවසීය.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

 

කුමාර් ගුණරත්නම්ලා රටෙන් ගිය ආකාරයත් යළි රටට පැමිණෙන ආකාරයත් දකිද්දී ඔහු ඉටුකරමින් ඉන්නේ ආණ්‌ඩුවේ අවශ්‍යතාව බව පැහැදිලි වන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය.

බංකොලොත් වූ ආණ්‌ඩුව මේ දවස්‌වල එක එක ජාතියේ නළුවන් ආනයනය කරනවා. එක වෙලාවක සලමන් ඛාන්, තව වෙලාවක ජැක්‌ලින්, තවත් වෙලාවක ගුණරත්නම් වැනි නළුවන් ආනයනය කරනවා.

ජනතා විමුක්‌ති පෙරමුණ කිසිම දවසක කිසිම කෙනකු සමග රහස්‌ ගිවිසුම් අත්සන් කරලා නෑ. අපිට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිවිසුම් ගහන්න වුවමනාවකුත් නෑ. ගිවිසුම් ගහනවා නම් අපි එළිපිට එය කරනවා. මේ ආණ්‌ඩුව වැටී තිබෙන වළෙන් ගොඩ එන්න ඕනෑම පහත් වැඩක්‌ කරනවා. මේ එක එක උදවිය මේ දවස්‌වල ලංකාවට එන්නේ කාගේ වුවමනාවට ද කියලා රටේ ජනතාව දන්නවා යෑයි ද විජිත හේරත් මහතා ඊයේ ජවිපෙ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.