ගුවන් කඳවුරු ඉඩම් ඉල්ලා මුලතිව් වැසියෝ සත්‍යක්ග්‍රහයක

Mulathive Protestමුලතිව් පුදුකුඩිඉරිප්පුහි පිහිටි ගුවන් හමුදා කඳවුරු භූමියත් කේපාපිලව්හි පිහිටි ගුවන් හමුදා කඳවුරු භූමියත් තමන්ට අයත් ඉඩම් ඇති බව පවසා එම ප්‍රදේශයන්හි නැවත පදිංචි වැසියන් විසින් ස්ථාන දෙකක දින කිහිපයක් තිස්සේ සත්‍යග්‍රහයන් ආරම්භ කොට ඇත.

මුලතිව් කේපාපිලව්හි පිහිටි ගුවන් හමුදා කඳවුරට අයත් භූමියේ ඉඩම් තමන්ගේ මුල් ඉඩම් ඇති බව පවසා කේපාපිලව්හි නැවත පදිංචි වැසියන් පිරිසක් දින 10 ක් තිස්සේ අදාල සත්‍යග්‍රහය ආරම්භ කොට ඇතත් මේ වන තුරු ඔවුන්ට විසඳුමක් ලැබී නොමැත.
එමෙන්ම පුදුකුඩිඉරිප්පුහි පිහිටි ගුවන් හමුදා කඳවුරට අයත් භූමියෙහිද තමන්ගේ මුල් ඉඩම් ඇති බව පවසා එම  කඳවුර ආසන්නයේදී එම ප්‍රදේශයේ නැවත පදිංචි වැසියන් පිරිසක් අදට දින 06 ක් තිස්සේ සත්‍යග්‍රහයක නිරත වුවත් ඔවුන්ට විසඳුම් ලැබී නොමැති අතර අදාල ගුවන් හමුදා කඳවුර පිහිටා ඇත්තෙ යුද සමයේදී එල්.ටී.ටී.ඊ කඳවුරක් හා ගුවන් පථයක්ද තිබූ ස්ථානයේය.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුලදී අමාත්‍ය රිෂාඩ් බධියුදීන් මහතාද පසුව උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන්ද සතයග්‍රහයේ නිරත වූවන් හමු වී සිදු කරන ලද සාකච්ඡා වලට එකග නොවීම නිසා ඔවුන්ගේ සථ්‍යග්‍රහය නොනවත්වා සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක්ද අදාල සත්‍යග්‍රහයේ පිරිස් හමුවීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ නැවත පදිංචි වැසියන්ගේ මුල් ඉඩම් යුද්දය අවසන් වී ඇති මේ අවස්ථාවේ නැවත ලබා දිය යුතු බවටයි.
නමුත් සත්‍යග්‍රහයේ නිරත වැසියන් කියා සිටින්නේ තමන් වසර 60 කටත් වැඩි කාලයක් පදිංචිව සිටි ඉඩම්හි 2007 වසරේ ඉඩම් දමා එන්නට සිදු වූ අතර යුද්දයෙන් පසුව 2011 වසරේදී නැවත පදිංචියට පැමිණි තමන්ට දැක ගැනීමට සිදුව ඇත්තේ එම ඉඩම්හි මේ වන විට ගුවන් හමුදා කඳවුරු ඇති හෙයින් එම ඉඩම් වෙනුවට වෙනත් ඉඩම්හි තාවකාලික පදිංචි වුවද තමන්ට එම මුල් ඉඩම් නැවත බාර දෙන තෙක් වෙන කිසිදු විසඳුමකට එකග නොවන බවත් එම ඉඩම් ලබා දෙනතුරු සත්‍යග්‍රහය අත් නොහරින බවටත්ය.
දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.