ගුවනේ බීමත්කම යානය යළි මළයාසියාවට

 

 

malaysia-airlines

 

බීමත් පුද්ගලයෙකුගේ කලහාකාරී හැසිරීම හේතුවෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබු මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් යළි ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළ වෙත හරවා ගොස් ඇතැයි වාර්තා වේ.

එම්.එච් 179 දරණ එම ගුවන් යානය ඊයේ(09) රාත්‍රී 11.55ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වෙත පැමිණිමට නියමිතව තිබුණි.

නමුත් ගුවන් යානයේ සිටි බීමත් පුද්ගලයෙකුගේ කලහාකාරී හැසිරීම හේතුවෙන් එය ආපසු මැලේසියාව බලා පිටත් වු බවත් එම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන බවත් ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් ගුවන් යානය යළි ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇත්තේ මලක්කා සමුද්‍ර සන්ධිය වටා පැය දෙකකට ආසන්න කාලයක් පියාසර කිරිමෙන් අනතුරුවයි.

යළිත් එම යානය අද (10) පෙරවරු 10.55ට කටුනායක අන්තර්ජාතික බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත ලගා වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.