ගෙවල් නොහැදු රාඩාවේ සාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට

 

 

caf58c0e4f95e9ab568068a468840767_L (1)

 

 

සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වු උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සදා දීමේ අරමුණින් යුතුව රාජපක්ෂ පාලන සමයේ පිහිටවූ ‘රාඩා’ ආයතනයේ මෙහෙයුම් කළමනාකරු මහතා විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකය මගින් අද (9) සැකපිට අත් අඩංගුවට ගනු ලැබිණි.

රුපියල් කෝටි13 ක වංචාවක් මීට හේතුව බව කියති.

කිසිම සුදුසුකමක් නැති ආයතනයකට ගෙවල් තැනීම සඳහා මුදල් දී ඇතත් ගෙවල් තනා නැතැයි පොලිසිය පවසයි.

පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා පරීක්ෂණ මෙහෙයවයි.

මෙම චෝදනාව යටතේ අප්‍රේල් මස 07 දා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු රාඩා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනකුගේ එතෙර ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් නියෝගයක් නිකුත්කර තිබිණ.

දුෂණ විරෝධි පෙරමුණ විසින් පොලිස්පති වෙත භාර දි ඇති පැමිණිල්ලක් මත මිට අදාළ විමර්ශනය සිදුකරනු ලබන්නේ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විසිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ තංගල්ලේ කාල්ටන් නිවස අයත්ව තිබුණේ ද මොහුටය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.