ගොහොරු බිමට බසින අලුත් කැප්ටන් -අනුර කුමාර දිසානායක

anura-kumara-02

 

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක පත්ව ක්‍රීඩා කරන්ට යන්නෙ ගොහොරු සහිත ක්‍රීඩා පිටියකයි.

විපක්ෂය ආණ්ඩු පක්ෂයෙන් යැපෙන තත්වයට පත් වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ පර්ලිමේන්තුවේ පසුපෙලට තල්ලු වී හමාරය .

පළාත් සභා සහ ප්‍රාදේශීය සභා වලින්ද ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇත්තේ ජයට වඩා පරාජයයි . විමල් වීරවංශ සමග වෙන්වුවන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඔහුගේ දෑත ශක්තිමත් කරන අතරවාරේ තමන්ගේ ශක්තියත් ගොඩ නගා ගනිමින් සිටිති. කුමාර් මහත්තයා සමග වෙන්වූ පෙරටුගාමින් මතු පිටින් තරමක් නිහඩ වුවත් විදේශයන් හි සිට තම මතවාදී දැක්ම වෙනු වෙන් පෙළගැසෙති .

මේ සියළු අලකලංචි මැද්දේත් ජනතා විමුක්ති පෙරමුණ තීරණාත්මක බලවේගයකි. බිම් මට්‌ටමේ බලය තරමක් අඩු වූවත් මතාවාදී තලයේ විමුක්ති පෙරමුණ තීරණාත්මක නොතකා නොහැරිය නොහැකි බලවේගයකි. මතාවාදී තලයේ යලිත් විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීමෙහි ලා අනුර කුමාර දිසානායක මේ වන විටත් තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරමින් සිටී .

විශේෂයෙන් ම පාර්ලිමේන්තු විවාද වලදී ගණන් හිලව් සහිතව කරුණු කාරණා ඉදිරිපත් කිරීමට අනුර කුමාර සමතෙකි . අගවිනිසුරු ඉවත් කිරීම, මුල්‍ය දුෂණ , ජන හා සංක්‍යාලේකන දෙපාර්තමේන්ත්වේ දත්ත වෙනස් කිරීම ,විදුලිය මිළ වැඩි කිරීම වන පාර්ලිමේන්තු විවාද වලදී අනුර කුමාර තර්කානුකුලව කතා කළේය .

ඒ අර්ථයෙන් බලන කල අනුර කුමාර ජ .වි .පෙ නායකත්වයට පත් කිරීම තාර්කික ක්‍රියාවකි. මන්දයත් ජ .වි .පෙ තමන්ට වාසිදායක බලකොටුවක් සක්තිමත් කර ගැනීමට ක්‍රියා කොට ඇත. එහෙත් ප්‍රධාන ගැටලුව වන්නේ එය නොවේ. ජ නතාවාදී පාලනයක්, උසස් මානව සම්පතක්, නවීකරණය හා කාර්මීකරණය වූ රටක්, සාධාරණ සමාජයක් සහ නිවහල් මිනිසෙක් ගොඩ නැගීමට කටයුතු කරන බව නව නායක අනුර කුමාර දිසානායක කියා සිටී.

මේ වචන සෙට් එක රූපවාහිනි වොයිස් කට් එකකට ඉස්තරම් වුනත් සැබෑ ගැටළු ඇත්තේ වෙනත් තැනකය.

සැබෑ ගැටළු

අවාසිදායක පෙරමුණු වලදී ජවි පෙ ගොඩ දැමීමට නව නායක අනුර කුමාර දිසානායක කුමක් කරන්නේද යන්න වාඩාත් තීරණාත්මක සාධකයයි. * අනුර කුමාර දිසානායක පිලිගන්නා පරිදිම ජවිපෙ ට සුළු ජාතීන් දිනාගත නොහැකි වී ඇත -විශේෂයෙන්ම ජාතික ගැටළුව පිලිබඳව දෙමළ ජනතාවගේ සහයෝගය ලබාගත් නොහැකි වී ඇත – මේ සම්බන්ධයෙන් අළුත් පිළිවෙතක් ඇතිකර ගත හැකිද?

*පාර්ලිමේන්තු ක්‍රමයක් තුල බලය තහවුරු කර ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීම සඳහා කැමත්තෙන් හෝ අකමැත්තෙන් එක්සත් ජාතික පක්ෂය යම් කිසි අවබෝධයකින් කටයුතු කල යුතු වුවත් මේ තාක් එම අවබෝධය ගොඩ නගා ගැනීමට නොහැකි වී ඇත. දැඩි මතධාරියෙක් සේ සැලකෙන අනුර කුමාර දිසානායක හට එම අන්‍යොන්‍ය අවබෝධය ගොඩ නගා ගනිමින් එක්සත් විපක්ෂයක් ගොඩා නගා ගැනීමට උර දිය හැකිද?

*ජවි පෙ එළිපිට මොනවා කීවත් පක්ෂ ක්‍රියාකාරිත්වය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දැඩිව සීමාවූ පක්ෂයකි.විජේවීර ගෙන් ආරම්භවූ මධ්‍යගත තීරණ ගැනීමේ ක්‍රියාවලිය පසුකාලීනව නායකත්වයට පත්වූවන් විසින්ද නඩත්තු කළ බවක් පෙනෙන්ට තිබේ.විශේෂයෙන්ම මතවාදී කරුණු පදනම් කරගෙන පක්ෂය හැරදා ගිය පිරිස් ගෙන්වා ගැනීමටත් දැනට කලකිරීමට පත්ව සිටින පිරිස් ජව ගැන්වීමටත් පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාද ශ ක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් අනුර කුමාර දිසානායක හට ක්‍රියාත්මක කල හැකිද?

මේ ගැටළු තුනට පිළිතුරු සොයා ගත හැකි නම් ඡන්දය දිනා ගැනීම සිම්පල් කේස් එකකි මන්දයත් ජනතාව සිටින්නේ ඡන්දය දීමට ත රම් හරි හමන් පක්ෂයක් නැතිව ලත වෙමිනි . අනර කුමාර දිසානායකට පෝලිමේ ගොස් හිතට එකඟව චන්දය දිය හැකි පක්ෂයක් ගොඩ නැගිය හැකිද ?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.