ගෝඨාට එරෙහි අළුත් දුෂණ පැමිණිල්ලක්

 

 

 

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව තවත් පැමිණිල්ලක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (06)ඉදිරිපත් කෙරුණි.

2013 වසරේ දී අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේ ව්‍යාපෘති කිහිපයකින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පැමිණිල්ල ගොනු කර තිබේ.

මෙම පැමිණිල්ල ගොනුකර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

දැයට කිරුළ ප්‍රදර්ශනයේ කෝටි හතරකට ආසන්න මුදලක් වංචා කළැයි කියනු ලබන සිද්ධියට අදාළව මීට් පෙර නඩු පවර තිබුණි.පළමු සැකකරු  වුයේ  පිළිකුත්තුව, බුත්පිටිය පදිංචි මල්හේරු මුදයන්සේලාගේ සරත් චන්ද්‍ර ඒකනායක නමැත්තෙකි. මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකාරිය වුයේ  හිටපු විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අතිරේක ‍ලේකම්වරිය වන කාන්ති ගුණවර්ධන යි.

නමැත්තිය ලබන 21 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

සරත් චන්ද්‍ර ඒකනායක  අධිකරණයට ප්‍රකාශ කර සිටියේ තමන් ක්‍රියාත්මක වුයේ හුදෙක්ම කාන්ති ගුණවර්ධන     ගේ පෙලඹවීම මතම පමණක් බවයි.

දැන් මතුවෙන ප්‍රශ්නය වන්නේ කාන්ති ගුණවර්ධන ක්‍රියාත්මක වන්නේ කාගේ පෙළඹවීමක් මතද යන්නයි.ජනතා විමුක්ති පෙරමුණ මගින් ඉදිරිපත් කරන ලද පමිනිල්ල ඔස්සේ මේ පිළිබඳව වැඩි දුර තොරතුරු හෙළිදරව් වීමට ඉඩ  ඇත.

මෙහි පළමු සැකකරු විසින් දෙවැනි සැකකාරිය වන කාන්ති ගුණවර්ධන නමැත්තිය සමග ව්‍යාජ ලිපි‍ලේඛන ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 90ක මුදලක් වංචා කර ඇතැයිද 2013 දැයට කිරුළ ප්‍රදර්ශනයට අවශ්‍ය තාවකාලික ඉදිකිරීම් සඳහා දෙවැනි සැකකාරිය විසින් නියමිත පටිපාටියෙන් තොරව මුල්‍ය  කමිටුවෙන් අවසර නොලබා රුපියල් 39,482,040ක මුදලක් වංචා කළා යැයිද සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

 

නව පැමිණිල්ලචෝදනාව ආරක්ෂක ලේකම්වරයා  අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා සහ නගර සභාපතිවරයා එක්ව කළ ඉදිකිරීම් පිළිබඳව චෝදනා ඉදිරිපත් කරයි.එම පැමිණිල්ල අද (06) පෙ.ව. 11.30ට ජවිපෙ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස සහ නීතිඥ සුනිල් වටගල යන අයගේ සහභාගිත්වයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට භාරදෙනු ලැබූහ

උපුටනක්

 

 

JVP Press Relesess_2015.pmd

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.