ගෝඨාභයගේ වියත් මග අපේ මග නෙමෙයි – වාසුදේව නානායක්කාර

vasudeva-nanayakkaraහිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මග ව්‍යාපෘතියට තමන්ගේ සහයෝගය නොදක්වන බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඊයේ (04) එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති සමාජවාදී පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවේදී නානායක්කාර මහතා පැවසුවේ ‘ වියත් මග අපේ මග නොවෙයි’ යනුවෙනි.

වියත්මග දේශකයින් පවසන අදහස් වලට පොදු විපක්ෂය එකගවුවත් තමන් එකග නොවන බව නානායක්කාර මහතා පවසයි.

එසේම රජය ආර්ථික ප්‍රතිපත්ති දුර්වල වීමෙන් එමගින් ජනතාව මහත් පීඩාවට පත්වන බවත් පොදු විපක්ෂයෙන් පාලනය වන ආණ්ඩුවක් යටතේ ජනතාවගේ ජනජීවිතය නගා සිටුවනු ලබන බවත් ඒ මහතා අවධාරණය කර සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.