ගෝඨාභය අලි භාර දේ

|

 

 

bbabyele

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ නීත්‍යානුකූලව සිටි බව කියන අලි පැටවුන් දෙදෙනා ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සන්තකයේ සිටි චරිත නම් ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති අතර චාරිකා නම් පැවටා හිටපු ජනාධිපතිවරයා විසින් සන්නසක් මගන් ලබාදී ඇත.

තමන්ට මේ සතුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් යළි රජයට බාරදෙන බව හිටපු ලේකම්වරයා කී බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඔහුගේ මේ ක්‍රියාව පැසසිය යුතු බවයි.

 

[vsw id=”/EDjA1a4lEmI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

අලි පොත

වනජීවී දෙපාර්තමේන්තුවේ අලි තෝම්බුව නැතවූවා යැයි පසුගිය රජයේ අමාත්‍යවරු කී කතාව බොරුවක් බවත් තමන් අමාත්‍යාංශයට ගොස් අලිපොත නැතිවීමේ සිද්ධිය ගැන සොයා බැලීමට අවශ්‍ය බව කී විට එහි නිලධාරීන් අලි පොත තිබෙන බවත් එය කිසි දිනකු නැති වූයේ නැතැයි ප්‍රකාශ කළ බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා  පුද්ගලික නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

එම නාලිකාවේ සාකච්ඡාවට පැමිණීමට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අනවසර අලි යම් අයකු සන්තකයේ සිටීනම් එම අලි රජයට භාර දීමට කෙටි කාලයක් ලබාදෙන බවයි. වනජීවී නිලධාරින් හොර අලි සොයා ඒමට පෙර අලි භාරදෙන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලි අම්මලා මරා පැටවු පැහැරගත් අලි හොරු අලි පැටවු මරා දැමීම වැළැක්වීමට මේ ආකාරයේ සහනයක් ලබාදෙන බවයි.

හිටපු විපක්ෂනායක කිත්සිරි කහටපිටිය

බස්නාහිර පළාත් සබාවේ හිටපු විපක්ෂනායක කිත්සිරි කහටපිටිය මහතාගේ ගෙදරින් සොයාගත් ඇත් පැටවා ඉරිදා උදේ බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට ගෙනවිත් දෙනබව කහටපිටිය මහතාගේ බිරිය හා පුත්‍රයා පොරොන්දුවීමෙන් පසු වනජීවී වැටලීම් කන්ඩායම අද සවස ආපසු ගියේය.

සංචාරක නියෝජ්‍ය ඇමති වසන්ත සේනානානයක මහතා ද ඔවුන් සමග සිටියේය. වයස අවුරුදු හතරක්වන මේ පැටවා උස අඩි හතරයි අඟල් හතකි. කහටපිටිය මහතා නිවසේ නොසිටි බවත් පෙන්වූ ලිපි ලේඛණවල පරස්පරයක් ඇති බවත් වනජීවී නිලධරයෝ කිය

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.