ගෝඨාභය ඇතුළු නඩයකට අපරාධ නඩු

gotabhayaසීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම අතර සිදුව ඇති නීතිවි රෝධී ගණුදෙනුවලට අදාලව බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම විසින් සිදු කළ විමර්ශනයේදී රක්නා ලංකා සේවකයන් පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, රක්නා ලංකා ගිනිඅවි නීති විරෝධී ලෙස ඇවන්ට්ගාඩ් සමාගම වෙත පැවරීම සහ රක්නා ලංකා ආයතනයටත් නාවික හමුදාවටත් ලැබිය යුතු මුදල් නොගෙවීම, මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමට අදාළ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අනිසි වාසියක් සිදුවන ආකාරයට කටයුතු කිරීම, වන්ට්ගාඩ් ආයතනය කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණු කටයුතු සම්බන්ධ ව්‍යාපාර කටයුත්ත සිදුකිරීට සඳහා තුවක්කු 17ක්, නිසි ආකාරයට බදු ගෙවීමකින් සහ නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව එකී පුහුණු කටයුතු සඳහා භාවිතා කිරීම සහ එසේ සිදුකිරීමට සහාය දීම යන ප්‍රධාන සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගෙන ඇත.

මෙම වැරදි සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති උපාලි කොඩිකාර, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති යන අපරාධමය වරදවල් සිදු කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පැවරි යුතු බවද එම කොමිසම නිර්දේශ කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.