ගෝඨාභය ප්‍රශ්න කෙරේ

 

20110205_ldp002

 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ පිහිටි රක්නා ලංකා අවි ගබඩාව සම්බන්ධයෙන් රහස් පොලිසිය අද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් මෙම ප‍්‍රශ්න කිරීම් සිදුකර තිබේ.හෙට දිනයේත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් පසුගිය දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයාගත් අතර ඇවන්ගාඩ් පුද්ගලික සමාගමට අයත් බව කියැවුණු අවි තොගයක්ද නෞකාවක තිබී සොයා ගැනීමට පොලිසිය සමත් විය.

රක්නා  ලංකා සමාගම සහ ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම පිහිටවූ ආකාරය පිළිබඳවත් ලාභ බෙදී ගිය ආකාරයත් පිළිබඳවත්  ගැටළු මතුවී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.