ගෝඨාභය රාජපක්ෂ හිරේ යෑමට සුදානම්

gotabaya rajapaksaකොටි තුරන් කිරීම දූෂණයක් නම් ඒ වෙනුවෙන් හිරේ යාමට සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහනුවරදී පැවසීය.

සඳහිරු සෑය ඉදි කිරීමේදී සිදුවූ වංචා, 2006 වසරේ දී මිග්-27 ප‍්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ ගනුදෙනුව, යාපනයේ , කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පරණ යකඩ යුද හමුදාව විසින් භාවිතා කිරීම, ගාලු වරාය ආශි්‍රත මුහුදේ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම ආදිය පිළිබඳව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් ප්‍රශ්න කොට ඇතත් කොටි තුරන් කිරීම සම්බන්ධයෙන් මේ තාක් ගෝඨාභය රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කල බවක් දැනගන්නට නැත.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යය ඇමතු රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ රාජපක්ෂලා මේ රට හොරා කෑවේ නැති බවයි.

දේශපාලනය
තමන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා සමග දේශපාලනය කතා නොකරන බවත්, එසේ වුවද අද මහනුවරට පැමිණියේ තමාට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට බවත්ය.

අත්අඩංගුවට ගන්නා බවට
මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් මෑතකදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ මාසයක් ඇතුළත තමන් අත්අඩංගුවට ගන්නා බවට ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, එසේ කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ රටේ නඩු විමසනු ලබන්නේත්, පරීක්ෂණ සිදුකරන්නේත්, තීන්දු ප්‍රකාශයට පත්කරන්නේත් මහින්ද අමරවීරලා වැන්නන් නම් නීතියේ කිසිදු සාධාරණත්වයක් දක්නට නොමැති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ජනතා බලාපොරොත්තු
මේ අතර දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාව එවැන්නක් බලාපොරොත්තු වීම නිසාම මහින්ද අමරවීරලා වැන්නන් බියට පත්වී මෙලෙස තමන් මාසයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට ප්‍රකාශ කරන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.