ගෝඨා ගෙන් කට උත්තර -බැසිල් ට පපුවේ අමාරුව

 

 

 

2012 වර්ෂයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් මරාදැමීමේ  සිද්ධිය විමර්ශනය කිරීමට රජය මගින් පත් කළ තුන් දෙන්නේකුගෙන් යුතු කමිටුව ඊයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබේ.

ඔහුගෙන් එම සිද්ධියට අදාළව පැය හයක් පුරා  ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. මෙම සිද්ධියට අදාළ ඇසින් දුටු සාක්ෂි අනුව කැරළි ගැසූ බන්ධනාගාර රැඳවියන් ආරක්ෂක අංශ විසින් කැරැල්ලෙන් පසු අමානුෂික ලෙස මරාදමා තිබේ.

2012 වර්ෂයේ නොවැම්බර් 09 වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ  වෙඩි තැබීම් වලින් රැඳවියන් 27 දෙනෙකු මියගොස් තිබුණු අතර 40ක් පමණ තුවාල ලැබීය. පසුව එම වෙඩි තැබීම් සැලසුම් සහගතව සිදු කළ මිනීමැරුම් බවට චෝදනා එල්ල විය.

Basil rajapakse 1.png

රිමාන්ඩ් බාරයේ සිටින කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ හෘද රෝග වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ (18) රාත්‍රී පපුවේ අමාරුවක් සෑදීම නිසා එම වාට්ටුවට ඇතුලත් ඇති අතර පසුව අදාල පරීක්ෂණ අවසන් වූ පසු ගෙවන වාට්ටුවට නැවත ඇතුළත් කළ බව ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.