ගෝඨා නියම ශ්‍රී ලාංකිකයෙක් වෙයි

gotabhaya-rajapaksa (2)

 

 

ද්විත්ව පුරවැසිභාවය ලැබුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිළිගෙන ඇත. එබැවින්, ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිය.

මේ පිළිබදව කළ විමසිමකදී ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා අස්කර ගන්නා බවයි.

මෙය ඉතා තාර්කික ත්හ්රනයක් බව තතු දන්නෝ පවසති.තමන් ඇමරිකාවට ගිය හොත්  විදුලි පුටුව හිමිවීමට ඉඩ තිබෙන බව ඔහු පසුගියදා කියා සිටියේය.

ඇමරිකාවට ගිය හොත් ඔහුට එරහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත්වීමට ඉඩ ඇත.

මේ අතර බොදු බල සේනා සංවිධානය විසින් ගොඩනගන පක්ෂයේ නායකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රචාරයක් ගියද පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පරාජයට වග කිව යුත්තේ බොදු බල සේනා සංවිධානය බවට ගෝඨාභය රාජපක්ෂ එම කණ්ඩායමට දෝශාරෝපනය කර තිබුණි.

ජනාධිපතිවරණ ආසන්නයේදී බොදු බල සේනා සංවිධාය විසින් මහින්ද රාජපක්ෂට සහය දෙන බව ප්‍රසිද්ධියේ කියා පෑම සමග සුළු ජාතික ඡන්ද තමන්ට නොලැබුණ බවට චෝදනා එල්ල වීම සිදුවූණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.