ගෝවේ ගෑණු පරාද කළ යාපනයේ කෙල්ල

පෝලා යාපනයේ උපන්නීය. ඇය එහි විසූ පෘතුගීසි ප්‍රතිරාජවරා‍යා‍ෙග් දියණියයි. ගෝවේදී ඇය එහි විසූ ස්වදේශීය දිළිඳු ධීවර තරුණයකු සමඟ පෙමින් වෙළුණාය. එයට ඇගේ පියා බලවත් විරෝධය පෑවේය. එහෙත් පෙරලා සිය ආදරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයක යෙදුණාය.

වරක්  මුහුදු ගිය ඇගේ පෙම්වතා යළි කිසි දිනෙක ගොඩබිමට නො ආවේය. ඇය දිගුකලක් කඳුළු සලමින් ගම්මානයේ

කෙළවර වූ කුඩා කඳු ගැටයට වී කඳුළු සැළුවාය.

දෝන කතරිනා අපට මුණ ගැසෙන්නේ පෘතුගීසින් නිසාය. කුසුමාසන දේවිය නමින් විමලධර්මසූරිය රජ බිසව වන්නට පෙරාතුව ඇය දෝන කතරිනා බවට පරිවර්තනය කළේ පෘතුගීසින් විසිනි. අපේ සුප්‍රකට කිවිඳිය ගජමන් නෝනා ගේ සැබෑ නම වූයේ දෝන ඉසබෙලා කොරනේලියාය. දෝන යන්නෙහි අර්ථ පෘතුගීසි බසින් නෝනාය.

පෘතුගීසින් විසින් මෙරට ගෙනා දෝන යන්න අද පවා ව්‍යවහාර වෙයි. සමහරවිට දුවණියන් දෝනියන් බවට පරිවර්තනය වනුයේ ද එබැවින් දැයි සාංකාවක් මට ඇත. එහෙත් පසු කලක පෘතුගීසි ‘නෝනා’ සිංහල කාන්තාවන් තම නමේ කොටසට එක්කර ගත්තා.

මේ දෝන කතන්දරය මට මතක් වූයේ ගෝවේ සංචාරයේදීය. ගෝවේ බොහෝ කලක්ම පෘතුගීසි කොලණියක් බැව් මම පසුගිය සතියේ සටහන් කළෙමි. ඉංග්‍රිසි සුද්දන් ඉන්දියාව හැර ගිය ද, පෘතුගීසින් හා ප්‍රංශ ජාතිකයන් තමන් අල්ලා ගත් ඉන්දියාවේ කුඩා බිම් ප්‍රමාණයන් තවදුරටත් රඳවා ගත්හ. දකුණු ඉන්දියාවේ පොන්ඩචේරිය ප්‍රංශය විසින් අරාබි මුහුද අසබඩ ගෝව පෘතුගීසින් විසින් ද එලෙස බොහෝ කලක් රඳවා ගත් ප්‍රදේශ විය.

ගෝවේ සතර අත ඇති පෘතුගීසි ලක්ෂණ අතර, මා නැවතී සිටි තැන සමීපයෙන් යන බස් රථයේ එක් ගමනාන්තයක වූයේ දෝන පෝලා ය. නැතහොත් පෝලා ‘නෝනා’ ය. දෝන පෝලා පිහිටියේ ගෝවේ ප්‍රාන්තය සරුකරමින් නැතහොත් එහි අගනුවර පාග්ජිම් වෙත, අපූරු සිරියාවක් එක් කරන මන්දෝවි නදියේ මෝය අසබඩ එක් ඉවුරකය. එය අගනුවර පාන්ජිම් නගරයේ ම එක් කෙලවරකි. මන්දෝවි ගංඟාව කර්නාටකය සහ ගෝව සරු කරන්නකි. කිලෝමීටර් 77 ක් දිග ගංඟාව කර්නාටකයේදී හඳුන්වනු ලබනුයේ මහාදායි නමිනි. දෙවැනි දැවැන්ත ගංඟාව වන සුවාටි නදිය ගලන්නේ ද එයට යාබදිනි. එබැවින් දෝන පෙරලා ගම්මානය ගෝවේ ප්‍රාන්තයේ ධනවතුන්ගේ සුවිසල් නිවාස් සංකීර්ණයන්ට මෙන් ම සංචාරකයන්ට ද මහත් ආකර්ෂණයකි. ඉන්දියාවේ ජාතික සමුද්‍රජීව ආයතනය ද පිහිටුවා ඇත්තේ ද එහිය.

දෝන පොලොවේ මන්දෝව් මෝයට සමීපයෙන් කුඩා කඳු ගැටයක් මුදුනෙහි ඇති ප්‍රතිමාවකි. එය දෝන පෝලාගේ ප්‍රතිමාවයැයි සලකනු ලැබේ. එය 1969 වසරේදී ගොඩනගන ලද්දේ ඉර්ස් ෆොන් ලෙයිස්ට්නර් විසිනි. අතිශය ජනප්‍රිය, හින්දි චිත්‍රපටයක් වන කේ. බාලචන්දර් ගේ ‘ඒක් දූජේ කේළියේ’ රූප ගත කරන ලද්දේ දෝන පෝලා ආශ්‍රිත ප්‍රදේශවලය. එතැන් පටන් මෙම පෙදෙස සංචාරක කලාපයක් බවට පරිවර්තනය වූයේ ඉබේටමය.

දෝන පෝලා ලෙස නම් වන්නට පෙර මේ පළාත ධීවර ගම්මානයකි. එය එකල හැඳින්වූයේ ඔඩ්ඩාවෙල් යන නමිනි. ඔඩ්ඩාවෙල් ගම්මානය දෝන පෝලා ලෙස හැඳින්වූයේ මන්ද? මේ ප්‍රතිමාව සහිත කතාවටත් ගමට නම් කළ පෝලා නෝනා කවුරුන්ද? පෘතුගීසින් බසින් දෝන යනු නෝනාය.

දෝන පෝලා පිළිබඳ පුරාවෘතයෙන් එකක් සත්‍ය කතාවකි. දෙවැන්න මිථ්‍යා කතාවකි. මේ අතරින් සත්‍ය පුවත් කවරේද යන්න පවසන්නට පෙර දෝන පෝලා යනු චරිතය සැබැවින් ම ජීවත් වූ චරිතයකි. ගෝවේ නම කියන්නට ගිය සෝලා උපත ලද්දේ ලංකාවේදීය. එනම් යාපනයේදීය. යාපනයේ සිට පෘතුගිසි පාලනය කළ අවසාන ආණ්ඩුකාරයා වූයේ අන්තෝනියේ ඩි අමරල් ඩි මෙනයිස් නම් විය. සෝලා ඔහුගේ දියණියයි. යාපනය බලය ඔහුට අහිමිව ගිය පසු ඔවුහු ගෝවේ වෙත පැමිණෙනුයේ 1644 වසරේය.

 

 

images (93)

 

 

ඇය එතැන් පටන් මුළු ජීවිත කාලය ම ගෙවූයේ මේ ධීවරයන් අතරය. ඇය විවාහ වූයේ ස්පාඤ්ඤ කුමාරයකු වන දොම් අන්තෝනියේ සොටෝ මේයර් සමඟය. පෝලා නෝනා සිය පියාගේ ප්‍රතිරූප පදවිය හිස මතට ගත්තෙකු නොවූවාය. ඇය මෙන් ම ඇයගේ සැමියා ද වර්තමානයේ දෝන පොළවට අයත් කැබෝ මන්දිරයේ ජීවත් වූවාය. මේ මන්දිරය වර්තමා‍නයේ ගෝවේ ආණ්ඩුකාර මන්දිරයයි. මේ මන්දිරය 1540 වසරේ ගොඩ නගන ලද්දකි. එයට යාබදව ඇති පල්ලිය අවර් ලේඩි ඔන් ඔෆ් කැබෝ නමින් හැඳින්වෙයි. එය ඉදිකරන ලද්දේ 1541 වසරේය. මේ මන්දිරයේ ජීවත් වූ පෝලා නෝනා, අවට බොහෝ දිළින්දන් වෙනුවෙන් උපකාර කළාය. ඇයගේ මුළු ජීවිතයම ගෙවුණේ සමාජ සත්කාර කටයුතු සඳහාය. 1682 වසරේ දෙසැම්බර් මාසයේ 16 වැනිදා ඇය මිය ගියාය. පසුගිය අඟහරුවාදාට ඇය මිය ගොස් අවුරුදු 432 කි.

ජනතාව අතර ජීවත් වූ පෝලා නෝනාට, ඔඩ්ඩාවේල් ජනතාව කෙතරම් ආදරය කළා ද යත් අනතුරුව, එම ප්‍රදේශය ඇගේ නමින් නම් කළාය. මේ වූ කලී ඉතිහාසය කියන පුවතයි. එහෙත් ජනප්‍රවාද පවසන කතාව මෙයට වඩා වෙනස් ය. ඒ අනුව පෝලා යාපනයේ උපන්නීය. ඇය එහි විසූ පෘතුගීසි ප්‍රතිරාජවරා‍යා‍ෙග් දියණියයි. ගෝවේදී ඇය එහි විසූ ස්වදේශීය දිළිඳු ධීවර තරුණයකු සමඟ පෙමින් වෙළුණාය. එයට ඇගේ පියා බලවත් විරෝධය පෑවේය. එහෙත් පෙරලා සිය ආදරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයක යෙදුණාය. වරක් මුහුදු ගිය ඇගේ පෙම්වතා යළි කිසි දිනෙක ගොඩබිමට නො ආවේය. ඇය දිගුකලක් කඳුළු සලමින් ගම්මානයේ කෙළවර වූ කුඩා කඳු ගැටයට වී කඳුළු සැළුවාය. අවසානයේ ඇය එයින් මුහුදට පැන දිවි නසා ගත්තාය. ප්‍රතිරාජ තාත්තගේ සිත උණුවිය. දියණිය ඒ සා විපතක් කර ගනිතැයි ඔහු කිසිවිටෙකත් නොසිතුවේය. ඔහු ඇය වෙනුවෙන් කම්පා වූයේය. එපමණක් නොව දියණිය ජීවත් වූ එම පෙදෙස ඇගේ නමින් නම් කරන්නට කටයුතු කළේය. දෝන පෝලා යනු ඉතා පියකරු බිමකි. එය එහා ඉවුරේ ඇති දැවැන්තවරයන් ද අපට‍ පෙනේ.

සඳ එළිය ඇති රැයට දෝන පෝලා හි වෙරළ මුතු ඇට මෙන් දිළිසෙයි. මේ වෙරළ දිලිසෙනුයේ පෝලා ගේ කඳුළෙන් යැයි ගැමියෝ විශ්වාස කරති. සෝලාගේ කඳුළු මුතු ඇට බවට පත්ව වෙරළේ ඇතැයි ඔවුහු අදහති. සංචාරක වෙළෙන්‍ඳෝ ඒ කඳුළු විකිණීමේ සමත්හ.

කෙසේ හෝ වේවා ගෝවේ, ඔඩ්ඩාවේල් ගම්මානය දෝන පෝලා වූයේ යාපනයේ උපන් පෘතුගිසි සුදු කෙල්ලගේ නමට බව මේ ඇත්තය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.