චතුරිකා සිරිසේන පරිවාරයට

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේ ශ්‍රී ලංකාව පැමිණි භූතානයේ අග‍්‍රාමාත්‍ය ෂෙරීන් ටොබ්ගේ මහතාගේ බිරිඳගේ පරිවාර කාන්තාව ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියක වූ චතුරිකා සිරිසේන මහත්මිය පෙනී සිටීම විශේෂත්වයක් විය.

සිරිසේන පවුලේ දේශපාලන වශයෙන් වඩාත් ක්‍රියාකාරී සාමාජිකාව ඇයයි.

 

 

මේ ඇය ඇයව හදුන්වා ගත් හැටියි-

chathurika-sirisena

ඔබ ගැන වූ සඳහනක් කළොත්?

පාසල් කීපයකින්ම අධ්‍යාපනය ලැබුවා. මුලින්ම පාසල් අධ්‍යාපනය පටන් ගත්තෙ පොළොන්නරුවේ සිටයි. ඉන්පසු ගම්පහ ගෝතමී සහ රත්නාවලී බාලිකා වෙතින් අධ්‍යාපනය ලැබුවා. නමුත් තාත්තා ජනතා සේවයට කැපව ජීවිත ගමන යද්දී, අපි එක්තැනෙක තාත්තා තවත් තැනෙක විදියට හිටියෙ. අම්මා පුංචි මල්ලි අරගෙන බස් එකේ නැගලා අපිව බලන්න පොළොන්නරුවෙ සිට ගම්පහට ආවා. උදේ ඇවිත් හවසට ආයෙත් පොළොන්නරු ගියා. මේ දුෂ්කරතා අතරේ අපට පවුලක් ලෙස එකට සිටිය යුතුය කියන දේ තාත්තාගේ හිතේ නිතරම තිබුණු දෙයක්.
ඒ නිසා නැවතත් මං පොළොන්නරුවට ගියා. ගිහින් උසස් පෙළ දක්වා රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා.
ඉන්පසුව මාලබේ තොරතුරු තාක්‍ෂණ සරසවියෙන් මෘදුකාංග ඉංජිනේරු උපාධිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඊටත් අමතරව කළමනාකරණය සහ අලෙවිකරණය ගැන උසස් අධ්‍යාපනය ලැබුවා. මම විවාහකයි. දියණියක සහ පුතකු සිටිනවා. අපි ඉගෙන ගත් දේ ප‍්‍රයෝජනයට ගෙන මමයි මගේ සැමියයි එකතුවෙලා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා

 

චතුරිකා ගේ දේශපාලනය ආගමනය අත ලඟද? ඇය දුන් පුවත්පත් සාකච්චා දෙස් බලන විට අගේ පියා පිළිබඳව අවශ්‍ය ප්‍රතිරූපය සාර්ථකව මැවීමට ඇය සමත් වුවාය.දැනටමත්

අගේ සැමියා ආරක්ෂක අමත්‍යංශයේ කාර්ය මණ්ඩල සම්බන්ධීකාරක  ලෙස සේවය කරයි.

 

භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (10දා) ජනාධිපති කාර්යාලයේ දී පැවතියේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි භූතාන අග්‍රාමාත්‍යවරයාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හරසරින් පිළිගත් අතර අනතුරුව නායක දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

 

Bhutan PM Visit 2015April0Bhutan PM Visit 2015April3 1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.