චන්ද්‍රිකාගේ ගම්පහ ලැයිස්තුව සුසිල් වෙනස් කළා. – අර්ජුන

arjuna

මහමැතිවරණය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ද සහාය ඇති ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට සැකසූ නාමයෝජනා සුසිල් ප්‍රේම්ජන්ත ඇතුළු පිරිසක්  වෙනස් කළ බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

තම පාර්ශ්වය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවත්, සුසිල් ප්‍රේම්ජන්ත් මහතාගේ නාම යෝජනා ලැයිස්තුවත් අතර විශාල පරතරයක් පවතින බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසී ය.

“චන්ද්‍රිකා මැතිණිය සමග එක්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කළා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සුසිල් ප්‍රේම්ජන්ත් ලේකම්තුමාලා, ඒ අයට ඕන විදියට සකස් කළා. හොරු ටික දැම්මා.

හොරකම් කළ අයගේ බිරින්දෑවරුත් දැම්මා. කුඩුකාරයෝ දැම්මා. ඒ නිසා අපිට ඒ ලැයිස්තුවෙන් තරග කරන්න බැහැ. අගමැතිතුමත් එක්ක කථා කරලා වෙනම කණ්ඩායමක් විදියට එක් වුණා. එතැනදී අපේ අරමුණ වුණේ රට ඉදිරියටම ගෙන යාම” යැයිද පැවසූ අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරන බහුතරය දූෂිත පුද්ගලයින්වන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.