චන්ද්‍රිකාගේ හුව-ගැන මාධ්‍ය ගොසිප්

downchhhh

 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හට හු කීමේ සිදුවීමෙන් අනතුරුව ඇය දැඩි කෝපයට,ලැජ්ජාවට සහ කලකිරීමට පත්ව සිටින බව මාධ්‍ය ඕපාදුප පැතිරෙමින් පවතී.

ඇය මාධ්‍ය මගින් කියා සිටින්නේ සිදුවීම සුළු දෙයක් බවයි.ගැටුමක් ඇතිවිය හැකිව තිබුන හෙයින් තමන් කතා නොකර එතැනින් ඉවත්වූ බව ඇය කියා සිටී.

 

මේ අතරවාරේ  හුව මෙහයවූ බව කියන හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට යන බවත් ආරංචියක් පැතිර යමින් තිබේ.ජොන්ස්ටන්ට එරෙහිව මේ වන විට චෝදනා ගනනාවක්ම නැගී තිබේ.මේ අතරවාරේ වයඹ මහඇමති දයාසිරි ජයසේකර පවසා ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හූ කීමේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. සිද්ධිය සිදුවන අවස්ථාවේදී තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙලිකොප්ටරය වෙත ඇරලවීම සඳහා ගොස් සිටි බව සඳහන් කර ඇත. තමාගේ ස්තූති කථාවේදී තමා පවසන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් අනිවාර්යෙන්ම සිදුවිය යුත්තේ චන්ද්‍රිකා මැතිණියත් මහින්ද රාජපක්ෂ මහතාත් එක්සත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු බවයි. තමා එසේ පවසත්ම එය අනුමත කරමින් රැස්වීමට පැමිණි සිටි සාමාජිකයන් ඔල්වරසන් හඬ නැගූ බව දයාසිරි ජයසේකර මහඇමතිවරයා පවසා ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 06 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක යන අය ඉවත් කිරීමේ ලිපි මේ වන විට මාධ්‍ය වෙත  නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේ නිලධාරීයෙකු පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවට චෝදනා මත මෙම 06 දෙනා ඉවත් කිරීමට කටයුතු යෙදී ඇති බවයි.

 

 

කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හූ කීමේ සැළැස්ම සකස් කර ඇත්තේ ඊට කලින් දිනයේ එනම් 08 වැනිදා රාත්‍රී කොළඹ කොල්ලුපිටියේ, පැල්මරා ඇවනිව්හි ‘අමරාවතී රෙස්ටුරන්ට්’ හිදී සැලසුම් කෙරුණා බ පත්‍ර යන තවත් ඕපාදුපයකි.

මෙම අමරාවතී රෙස්ටුරන්ට් හිමිකරුවා වන්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය.

අටවැනිදා රාත්‍රී අමරාවතී රෙස්ටුරන්ට් වෙත රාත්‍රී භෝජනය සඳහා හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන් පැමිණ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පිරිසක් මෙම සැළසුම සකස්කොට ඇත. එම සාකච්ඡාව සඳහා වරින් වර වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර ද දුරකතනය ඔස්සේ සම්බන්ධ වී ඇත. එහිදී නාමල් දයාසිරිට පවසා ඇත්තේ මෙය ‘ජොනීගේ ප්‍රොජෙක්ට් එකක් යැයි’ සිතා කර නොඅරින ලෙසයි. දයාසිරි ජයසේකර ඇමතිවරයා මේ චෝදනාප්‍රතික්ෂේප කරයි.

මෙම හූ කීමේ කුමන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට නාමල් විසින් භාරදී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට එජාපයේ සිට පසුගිය ආණ්ඩුවට සම්බන්ධ වූ කුරුණෑගල නගරාධිපති ගැමුණු හා උප නගරාධිපති අන්වර් සත්තාර් යන දෙදෙනාටය. එහිදී ජොනීගේ පාර්ශ්වය නියෝජනය කරමින් ජොනී සමූපකාර ඇමතිව සිටි අවධියේ සමූපකාර අමාත්‍යංශයේ ඉහළ නිළයක් දැරූ අරුණ දහනායකවද නගරාධිපතිවරයා හා උප නගරාධිපතිවරයා සමග නාමල් විසින් ම සම්බන්ධ කොට දී ඇත.

සිද්ධිය සිදුවී විනාඩි දහයක් යාමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් වෙබ් අඩවි ‘කුරුණෑගලදී චන්ද්‍රිකාට හූ කියා එළවයි’ යනුවෙන් විශාල ප්‍රචාරයක් ගෙනගොස් ඇත්තේ කලින් සූදානම් කරගෙන සිටි ප්‍රවෘත්ති මගිනි. ja

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.