චන්ද්‍රිකාට කුරුනෑගලදී හුවක් වැදුනේ ඇයි?

 

 

downchhhh

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේදී ඇරඹීමට පෙර චිරාගත පොල්තෙල් පහන දල්වන ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ඇරයුම් කරමින් නිවේදකයා ඇගේ නම කියද්දී හූ හඬ පැතිර ගියේය.

රැස්වීම පැය තුනක් පමණ පැවතියේය. රැස්වීම අවසානයේ කුමාරතුංග මහත්මිය නික්ම යද්දීත් යළි හූ හඬ පැතිර ගියේය.

ඇය එළියට එද්දී ඇය වටකරගත් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී පිරිසක් ඇයට තදබල ලෙස දොස් නැගූහ.

‘අපේ නියම නායකයා මහින්ද රාජපක්ෂ ඔබ යන යන තැන ඔහුට බනිනවා. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවා. කඩනවා. විශ්‍රාම ගියා නම් පක්ෂය වනසන් නැතිව ගෙදරට වෙලා ඉන්න‘ යනුවෙන් ඔවුහු කියන්නට වූහ.

ඒ කිසිවකටත් කුමාරතුංග මහත්මිය පිළිතුරු නුදුන්නාය. ඇගේ ආරක්ෂකයෝ ඇය ඉවත් කරගත්හ. ඇය ඉවත්ව ගිය පසු ඇයට බැන වැදුණු පිරිසට විරුද්ධව අදහස් දැක්වූ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රහාරයකට ලක්විය. පිරිසක් ඔහුට බැන වැදී පහර දුන්හ. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා එම කලබලය සංසිඳවීය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරු පමණක් බල මණ්ඩලය ඇමතූහ.

ඉදිරි මැතිවරණයේදී සමගියෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ජනපති හා මහලේකම් අවධාරණය කළහ. ඒ දෙදෙනා මහින්ද රාජපක්ෂ මහතා ගැන කිසිත් නොකී නමුත් ඔවුනට පසුව කථා කළ මහ ඇමැති ජයසේකර පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂගේ සහාය අනිවාර්යයෙන්ම ගත යුතු බවයි.

සභාවෙන් ඊට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. මුළු සභාවම අත්පොළසන් දෙමින් ඔහුගේ කථාව අනුමත කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, පී.බී.ඒකනායක හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රබල ලෙස හඬ නැගූහ. දෙදහසකට ආසන්න පිරිසක් මේ රැස්වීමට පැමිණ සිටියහ.

දයාසිරි ජයසේකර හා ජයරත්න හේරත් මන්ත්‍රීවරයා හෙලිකොප්ටර් යානය ළඟට ගොස් ජනපති පිළිගත්හ.

හුවේ සුලමුල

මේ හුව නැගීමට බලපා ප්‍රධාන හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන එක්වීමට චන්ද්‍රිකා කුමාරතුංග ඉඩ නොදෙතැයි  යන මතයයි.ඒ මතය පල කිරීම සඳහා රාජපක්ෂ ගේ අනුගාමිකයින් භාවිතා කරන්නේ ඔවුන්ට ආවේනික සම්ප්‍රදායයි.ඒ ගැන ඔවුන්ට දොස් කිව නොහැක.ගැටලුව වන්නේ මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකා කුමාරතුංග සහ

ඔහුට සහයෝගය දුන් බලවේග අතරමන් කිරීමයි. පොරොන්දු වූ පරිදි ආණ්ඩුක්‍රම සංසෝධන ඉදිරිපත් කොට දුෂණ විරෝධී වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියේ නම් මේ හුව නොවදිනු ඇත. මෛත්‍රි මීට ටික දවසකට පෙර ඇසුවේ මහින්ද ඡන්දයට එන්නේ රෙදි ඇඳගෙනද යන ප්‍රශ්නයයි දැන් මහින්ද නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහනය නොකළ හැකි බව කියන විට ඔහු මුනිවත රකී.වැදී දවසක් යාමට පෙර මේ හුව වදින්නේ මෛත්‍රිපාල සිරිසේනටය. ඉන් අනතුරුව විධායක බලතල පොතේ තිබු පලියට ඒ බලතල ක්‍රියාවට නැංවීම දුෂ්කර බව සිරිසේන මහතාට පසක් වනු ඇත.

 

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියා සිටියේ හෙට අනිද්දාම ජනාධිපතිවරයා පක්ෂ විනය ක්‍රියාවට නගන බවයි. ඒ හෙට අන්ද්ද්දාදම තවමත් උදාවී නැත.

 

[vsw id=”/27o0b7E9IMM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ කුරුණෑගල රැස්වීමේදී පිරිසක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කුණුහරුපයෙන් බැන වැදී හූ කියමින් ඇයට අප්‍රසාදය පළ කළහ.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.