චන්ද්‍රිකාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය හිමිව තිබේ. ඇය මෙම ගෞරව සම්මානය පාත්‍රවන ප්‍රථම ශ්‍රී ලාංකිකයා වේ.

ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකාව – මාලදිවයින තානාපතිවරයා විසින් ප්‍රංශ තානාපති නිවසේ දී විශේෂ උත්සවයක් පවත්වමින් ඊයේ (20 වැනිදා) මෙම සම්මානය ඇය වෙත ප්‍රදානය කෙරිණි.

මෙම උත්සවය සඳහා තානාපතිවරුන්, මැති ඇමැතිවරුන් සහ විද්වතුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

ජනාධිපති කුමාරතුංග මැතිනිය 1994 සිට 2005 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ 4 වන විධායක ජනාධිපතිනිය ලෙස කටයුතු කළාය. ඊට පෙර ඇය බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය හා අගමැති ධුරය ඉසිලුවාය.

වර්තමානය වන විට හිටපු ජනාධිපතිනි කුමාරතුංග මැතිනිය De Madrid සංගමයේ සාමාජිකාවක වශයෙන් ද, global leader ship Foundation සාමාජිකාවක ලෙස ද, Clinton global initiative හි උපදේශිකාවක හා සාමාජික ලෙස ද, South Asian Policy and research institute and the office for national unity and reconcilliation in Sri lanka හි සභාපතිනිය ලෙස ද ගෞරව තනතුරු රැසක් දරන්නීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.