චන්ද්‍රිකා එංගලන්තයේ පදිංචියට

chandrika kumaratungaචන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය ලංකාව හැරදා එංගලන්තයේ පදිංදියට යාමට තීරණය කර ඇත. ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකද වූ ඇය ආසනයේදී ලද අන්ත පරාජය හේතුවෙන් බලවත් සිත් තැවුලට පත්ව මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ජය ගනු ලැබුවේ 49,949ක ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගනිමිනි. දෙවැනි තැන එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත්තේ ඡන්ද 26,904ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂය විසිනි. ශ‍්‍රීලනිපය ඡන්ද 13,300ක් ලබා ගනිමින් තුන්වන තැනට පත්විය.

ලංකාවේ ඇති තම සියළු සියළු දේපල විකුණා දමන බවද ඇය තම සමීපතමයෙකු සමග පවසා තිබේ. තම ආසන සංවිධායක ධුරයද ආපසු බාර දී නැවත නොඑන්නම ලංකාවෙන් පිටවන බවද ඇය සදහන් කර ඇත. මේ බව කියා සිටින්නේ විමල් විරවංශ ගෙ වෙබ් අඩ්වියයි, හිටපු ජනපතිනියට හිතවත් ආරංචි මාර්ගයක් පැවසුවේ ඇය මේ පුවත අසා සිනාසුන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.