චන්ද්‍රිකා මෛත්‍රි පොලොඹවා ගත් හැටි

download (51)

පසුගියදා සිරස ඉලක්කය වැඩසටහනට සහභාගී වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය කියා සිටීයේ  මහින්ද රාජපක්ෂ පරිපාලනය කෙරේ කලකිරීම ඇතිවීමෙන් පසුව තමන් මධ්‍ය ඔස්සේ විපරම් කරද්දී තමන්ට කෙළින් කතා කරන ඇමතිවරයෙක් සේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා පෙනෙන්ට පටන් ගත් බවයි.

 

කතාව එතැන් සිට

මම ඊට පස්සේ මම පණිවිඩ ඇරිය එතුමට. එතුමා කවදාවත් මට පණිවිඩ එව්වෙත් නැහැ. පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට එයාට පණිවිඩ එවන්න බැහැනේ එයාගේ සභාපතිවරයා පරද්දන්න එන්න කියලා. එතුමා ඒ අංශයෙන් බොහොම හොඳ විනයක් ඇති කෙනෙක්. මම පණිවිඩ අරින්න පටන්ගත්තා.

 

 

ranil_chandrika

 

 

රනිල්

 

. ඉතින් ඒ සැරේ රනිල්වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂේ නායකයෝ කිහිපදෙනෙක් මාව දිගින් දිගටම මුණගැසෙමින් මට කිව්වා ඔබතුමියට විතරයි මේ කට්ටිය එළියට ගන්න පුළුවන් ගන්නවනම් මේකට අත ගහන්න බැරිද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වාගේ මම උත්තරයක් දෙන්නේ නැතිව ඉඳලා ඉඳලා ඒ අයත් මට පණිවිඩ එවනවා යූඇන්පී එකෙනුත් කියනවා. අන්තිමට කොහොම හරි අත ගැහුවා. එතකොට එහෙමයි මේක පටන් ගත්තේ ඔය කියන එක පක්ෂයවත් හිටියේ නැහැ. මේකෙ හිටියේ යූඑන්පී එකේ නායකත්වයයි මමයි මාත් එක්ක වැඩකරපු පුද්ගලයෝ කිහිප දෙනකුයි. යම් යම් වාමාංශික පක්ෂවලට සම්බන්ධ. අපි එහෙම බල බල ඉන්නවා තාම හුඟක් ක්‍රියාකාරී වෙලා නැහැ. දැන් මේ අවුරුදු 3 කට ඉස්සරවෙලා කතන්දරේ මම කියන්නේ.

 

නාග විහාරයට ගිය මොහත
නාග විහාරයට ගිය මොහත

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

දැන් අවුරුදු 2කට විතර පෙර මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ විවෘතව කථා කෙරුවා පළවැනි වතාවට , උන්වහන්සේ කථා කෙරුවේ මේ අනික් අය කියන ඒවා බොරු, හරියට පත්තර බැලුවොත් ස්ටඩි එකක් කෙරුවොත් පේනවා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකවේදීන් ප්‍රමාණයක් වට කරගෙන එකතු කරගෙන උන්වහන්සේ එළියට බැහැලා කථා කෙරුවා. හුඟ දෙනෙක් බයෙන් කථා කරන්න බයෙන් තමාගේ හිත්වල හදවත්වල හංගගෙන තිබුණ දේ උන්වහන්සේ ප්‍රකාශත් කෙරුවා. එතැනින් අර බයෙන් මිරිකි මිරිකි හිටපු සමහරු එළියට ආවා. සමහරු. එතැනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මට හොරෙන් හොරෙන් හිමින් සැරේ පණිවිඩ එවපු අය ඊට වැඩිය ටිකක් ප්‍රබල ලෙස පණිවිඩ එවන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයත් පටන් ගත්තා මැඩම් ඉක්මන් කරමු මේක පරක්කු වැඩියි. අපි කථා කර කර ඉන්නවා. ඒගොල්ලොත් ක්‍රියාශීලි වුණා. එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. එතකොට එහෙම තමයි මේක සිද්ධවුණේ. වෙන කවුරුත් මේකෙ හිටියේ නැහැ.

 

FONSACHA

 

මෛත්‍රි මුලදී බැහැ කිව්වා

ඊළඟට ඇත්ත වශයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රයිට් මම එළියට එන්නම් කියලා කිව්වේ එළියට එන්න සුමාන තුනකට ඉස්සරවෙලා. එතුමා මම කියනකොට මුලදි බැහැ කිව්වා. මං කොහොමද එහෙම කරන්නේ මං පක්ෂෙ ප්‍රධාන ලේකම් අරක මේක. ඊට පස්සේ මම විතරක් නෙමෙයි එතුමා වටේ හිටපු හුඟ දෙනෙක් පක්ෂේ ඇතුළේ මං කිව්වේ මැති ඇමැතිවරු මන්ත්‍රීවරු ඒ අය වටේ ඉන්න පාක්ෂිකයෝ , ප්‍රබල පාක්ෂිකයෝ කියන්න පටන් ගත්තා හැමෝටම. ඉතින් එතුමාටත් එළියට එන්න කිව්වා මිසක් එතුමාට නායකත්වය දෙයි කියල කවුරුත් දන්නේ නැහැ. මං විතරයි ඒක දන්නෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නම මං කිව්වේ නොවැම්බර්  6 වැනිදා. තනියම මං මේ වැඩේ කෙරුවේ. මහින්ද රාජපක්ෂට මේක ලොකූ ප්‍රෙහ්ලිකාවක් කොහොමද මේක මෙච්චර රහසක් වුණේ කොහොමද මේක කෙරුවේ අරකයි මේකයි කියලා. කෙරුවේ තනිකර මම රහසක් හැටියට තියාගෙන හිටපු නිසා. වෙන කාටවත් කීවේ නැහැ. මම පණිවිඩ අරිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කීප දෙනෙක් මං පාවිච්චි කළා x ට යවන පණිවිඩකාරයා කවුද කියලා y ට යවන පණිවිඩකාරයා දන්නේ නැහැ. එකිනෙකා දන්නේ නැහැ. ඒ විදියටයි මම පණිවිඩ ඇරියේ.

 

mithrippp

 

මෛත්‍රි පස්සේ හා කිව්වා

මේක බොහොම රහසක් හැටියට තියාගෙන ඉඳලා මාස තුන හතරකට ඉස්සරවෙලා මෛත්‍රිපාල මැතිතුමාගෙන් මම ඇහුවා ඔබතුමා මේකෙ නායකත්වය ගන්නවද? මම විශ්වාස කරන්න නායකත්වය මට එපා. මම ඔබතුමා එළියට ඇදල අරගෙන මම ඕනෙ කියන එහෙම කැත වැඩක් නම් මම කරන් නැහැ. එතකොට කිව්වා මට යූඇන්පී එකෙන් දෙයිද? එතුමා ඒත් බැහැ කිය කිය හිටියේ. ඊට පස්සේ මං කිව්වා මට කියල තියෙනවා මාව විශ්වාස කරන්න මට ඒ තත්ත්වයට ගේන්න පුළුවන්. එහෙම ඔහොම ඔහොම කථා කරල අන්තිමට සති තුනකට ඉස්සරවෙලා එතුමා කිව්වා රයිට් හා කියලා. ඊට පස්සෙ තමයි අපි දෙන්නා මුහුණට මුහුණ මුණ ගැහුණේ. දෙවතාවයි මුණ ගැහුණේ එතුමා එළියට බහින්න ඉස්සරවෙලා.

 

PODU

පොදු විපක්ෂය

කවුරුත් දන්නේ නැහැ අපි කරපු විදිහ. මගේ හිතවතකුගේ ගෙදර මුණ ගැහුණේ. සිකියුරිටි එකෙනුත් පණිවිඩ ගන්නවා. සිකියුරිටි එකේ සමහරු ඉන්නවා කේළම් කියන අය. සිකියුරිටි එකවත් දන්නෙ නැති විදිහට මම ඒ වැඩේ සෙට් කරලා අපි මුණ ගැහුණා. පොදු විපක්ෂයක් හදන එකත් මගෙ අදහසක්. එක්සත් ජාතික පක්ෂයත් මුලදි කැමති වුණේ නැහැ. ඊට පස්සේ මං කිව්වා එහෙම නැතිව මේක දිනන්න බැහැ. දෙවියන්වහන්සේ ආවත්. ඊළඟට එක්සත් ජාති පක්ෂය හරියට සංවිධානය වෙන්න කිව්වා. මොකද මං දන්නවා මේකෙ ප්‍රධාන කොටස්කරුවෙක් වෙනවා එක්සත් ජාතික පක්ෂය. එතකොට අනෙක් පක්ෂ පොඩි පක්ෂ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතකොට මං දන්නවා මුලදි අපිට එන්නෙ නැති බව එහෙම පිටින්ම. එකේ සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහයක් හැටියට තියෙන්නේ. ඔය දෙක මම පැහැදිලිව හිතලා කියලා ඒගොල්ලොන්ව තල්ලු කළේ. සමහර දේශපාලකයෝ නෙමෙයි සමහර මගේ විශ්‍රාම ගිය නිලධාරීන් කිහිපදෙනෙක් එකතු කරගෙන ටිකක් කෙරුවා. හැබැයි ඔක්කොම මගේ ඔළුවෙන් කළේ.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.